මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධක තනතුරට සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා අයදුම් කරන ලෙස පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහනන් කළා. ඒ අනුව අදාළ තනතුරට අයදුම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය මේ මස 25 වනදා අවසන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ලැබෙන අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිත අතර එලෙස තෝරා ගනු ලබන […]
වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි. පසුගිය 18 වැනි දා ද හලාවත මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා. වව්නියාව […]
අද දවසේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් උනා. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතා ජන්ද 83ක් ලබා ගනිමින් නව ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබෙනවා. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා තරග කල ජයන්ත ධර්මදාස මහතාට මෙහිදි ලැබී තිබුනේ ජන්ද 56ක් පමණයි.
රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වෙනවා. හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ. 450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය […]
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැවසෙන අදාළ සිද්ධිය පිළිබඳව අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දීමක් සිදු කර තිබේ. එහිදී කථානායකවරයා සඳහන් කර ඇත්තේ කොකේන් භාවිතා කරන බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් මෙතෙක් තමන් වෙත ලිඛිතව ලැබී නොමැති බවයි.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ දරණ තනතුරුවලින් ඔවුන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටු හරහා තීරණ එනතුරු නොසිට අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස මෙහිදී ඉල්ලා තිබෙන බවයි. මැති ඇමතිවරුන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය […]
මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයායි. මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය. අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු යැයි දැනෙන්නේ නම් මෙතරම් මුදලක් වැය කර සෝපාන සවි කිරීම ගැන අපි ප්‍රශ්න නොකරන්නෙමු. නමුත් ජනතාව විමසන්නේ, තම ප්‍රශ්න විසඳීමට මේ තරම් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිතයි.මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබෙනවා.එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතායි.උපසභාපති ධූරයට […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රැධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 ක් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් […]
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය පිළිබද පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ ප‍්‍රකාශය පිළිබද විමර්ශනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි. එම කමිටුව සිය විමර්ශන වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන […]
පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි. 05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික […]