ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයෙන් පත්වූ කණ්ඩායම සමග වැඩකිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරන විමර්ශන ඒ ආකාරයෙන්ම කරගෙන යන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ඊයේ දවසේ මාධ්‍ය හමුවකට එක්වෙමින්, “ කවුද දින්නේ කවුද පැරදුනේ කියන එක මට වැදගත් නෑ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස්විය යුතුයි.සංගා මහේල සමග කටයුතු […]
දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිට ඒම තරගය අහිමි වී තිබෙනවා.සිය හයවැනි පන්දුවාරය යොමුකරමින් සිටින විට රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා. වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට […]
මරදාන ඩීසල් විදූලි ධාවනාගාරයේ දූම්රිය රියදූරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.දූම්රිය රියැදූරන්ගේ සංගමය සඳහන් කළේ සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කල බවයි
කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිලදී ගත් සුපිරි Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයේ ජායාරූප කිහිපයක් අද සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම එම ජායාරූප කිහිපයයි.
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේදි සිදු කරන විශේෂ ප්‍රකාශය පහතින් නැරඹිය හැක. https://www.facebook.com/maithripalas/videos/818436765170357/
ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. අද (21දා) අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනකදී ඔහු හේ බව පැවැසීය. “රටේ සමාජය දියුණු කරන්නනම් මහාචාර්යවරු ඕන. ටෙස්ට් මැචි දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් ඕන. මහාචාර්යවරු හිටියා හොඳම විශ්වවිද්‍යාල තිබුණා කියලා අපේ අය සෑහීමකට පත්වෙන්නේ නෑ. හැම […]
ජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළා. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට අද (21දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඒසේම ව්‍යවස්ථාදායක සභාව පත්වීම් සිදුකිරීමේ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු […]
පානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ප්‍රශ්න කිරිමේදි ඔහු මෙම මත්පෙති පාවිච්චි නොකරන බවත් විවිධ පුද්ගලයින් රුපියල් තුන්සියය බැගින් හා පන්සියය බැගින් විකුණන බවට ඔහු අනාවරණය කළ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනසකින් තොරව අවතීර්ණ වී තිබේ. දකුණු අප්‍රිකාව වියාන් මුල්ඩර් කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට වර්නන් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/PdIpH5cJL3U
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස […]
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුම හරහා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු ඉහත අදහස් දැක්වා තිබේ. “මහජනතාවට අවශ්‍ය වී තිබෙනවා මේ නම් මම විසින් හෙළිකරනවාට. පොලීසිය කියන්නේ ඔවුන්ට මේ […]