පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ක්‍රියාමාර්ග […]
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන්ම නිකුත් කරන රුපියලේ කාසි අද දිනයේදී අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙම කාසි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.
පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා අද කල් තැබුණා. අද පස්වරු 01ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පාර්ලිමේන්තුව ලබන 29 වනදා පෙරවරු 10.30 දක්වා කල් තැබීමටයි තීරණය කෙරුණේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම ද වර්ජනය කිරීමට අද තීරණය කළා. ඒ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ අවස්ථාවේදීයි.පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ නම් එහි ආහාර ලබා නොගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර කියා සිටියේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරි තීන්දුවක් නොගත් නිසා රටම විනාශ වී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “අර්බුදය නම් කථාකරලා වැඩක් නෑ. සිරිසේන මහත්තයා ඉක්මනටම තීරණයක් ගන්න ඕන. සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන.මගේ අදහස් මම […]
තමන් කවදාවත් අගමැති වීම සඳහා අවධානය යොමුකර නොමැති බවත් ජනපතිවරයා තමා සම්බන්ධයෙන් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් අද පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතානායකවරයාට දන්වා සිටියා “ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි. මම අගමැති කරන්නේ නෑ කියලයත් ජනපති කියලා තියෙනවා. මම කවදාවත් අගමැති වෙන්න […]
එංගලන්ත කණ්ඩායම හමුවේ ලද ටෙස්ට් පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ එක් ස්ථානයක් පසුබැස තිබෙනවා. ඒ, අනුව තරගාවලිය ආරම්භවීමට පෙර 6 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා පිළට දැන් හිමිව ඇත්තේ එම සටහනේ 7 වන ස්ථානයයි.මෙම ටෙස්ට් තරගාවලිය 3/0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා […]
මේ වන විට අද දිනයට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වී තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරවයි. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීරණයට පැමිණ තිබෙනවා.
වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබෙන්නේ.මෙම ස්ථානමාරුවීම් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති අතර එම අභියාචනා දෙසැම්බර් 07 දා පෙර යොමුකළ යුතු වෙනවා.
ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් සහිත ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. පහතින් ඒ හුවමාරු වන ලිපිය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබෙනවා. පහතින් එම ලිපිය
ලබන දෙසැම්බර් මස 04 වැනිදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ. විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටත් […]
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර […]