News Line| Off Air
Generic placeholder image

Nov
26

නීතිඥ සංගමයේ සභාපති වරදට සමාව ඉල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමන් වරදක් කොට තිබෙන බව එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ. මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් […]


Nov
26

රනිල්ට ආයෙත් අගමැති ධූරය දෙන්නේ නැහැ | ජනපති

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාකිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව පවසයි. ඒසේම අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව […]


Nov
25

පොලිස්පතිගෙන් පැය 4 ක ප්‍රකාශයක් ගනියි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අද පෙරවරුවේදී පොලිස්පතිවරයාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ. දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිකිරීමක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ සිදුකරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු […]


Nov
25

ආණ්ඩුවේ ඇතුළේ ඉන්නෙත් ගේමෙන් – මරික්කාර්

Generic placeholder image

පසුගිය අවුරුදු 03 හමාරක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවත්,මෙවර ආණ්ඩු බලය ලබා ගත් පසු එය තවදුරටත් එය නොවන්නේ නම් ආණ්ඩුවේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කරනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් මිලියන 16 ක ප්‍රතිපාදනයෙන් කොළොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති මාර්ග 14 ක් ජනතා අයිතියට පත් […]


Nov
25

නව ආණ්ඩුවක් යටතේ උපරිම ලෙස වියදම් කපා හරිනවා

Generic placeholder image

නව ආණ්ඩුවක් යටතේ උපරිම ලෙස වියදම් කපා හැරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියා. “රටේ ආර්ථික ආපදා තත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය […]


Nov
25

“නැවත ආණ්ඩුව පිහිටුවනවා” – එජාපෙ කියයි

Generic placeholder image

එළඹෙන සතිය අවසන් වීමට පෙර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් ප්‍රකාශ කරනවා. එහිදී “තවත් අය නිහඬව ඉන්නවා අපි සමග එකතු වෙන්න කැමැත්තෙන්. එතකොට ඒ ආණ්ඩුව කියලා කියාගෙන ඉන්න අයට ඉතුරු වෙන්නේ 85ක් වගේ පිරිසක්. ඒ නිසා අපි නැවත ආණ්ඩුව පිහිටුවනවා. ඒක එක්සත් ජාතික පෙරමුණ සමග එකඟ […]


Nov
25

ඩෑන්ට හා අමිත්ට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය දුන් කතාව ගැන විශේෂ හෙලිදරව්වක්

Generic placeholder image

මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරනවා. එම පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පතුරුවාහරින එම පුවත් අසත්‍යයෙන් බවයි. එසේම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය මේ දක්වා නාම […]


Nov
25

රාජපක්ෂ රෙජිමයට එන්න දෙන්නේ නෑ

Generic placeholder image

කුමන තත්ත්වයක් යටතේ හෝ රාජපක්ෂවරුන්ට යළිත් බලයට ඒමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඔවුන්ගේ පාලන කාලයේදී සුළු ජන කොටස් භීතියෙන් ජීවත් වූ බවද ඔහු පෙන්වා දෙනවා. එසේම දිගන ඇතිවූ සිද්ධියේ පසුපස සිටින්නේ කවුදැයි හැම කෙනෙක්ම දන්නා බවත් දැන් ඔවුන් නිදහස් […]


Nov
25

පාර්ලිමේන්තු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පොලිස් විමර්ශන ඇරඹෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉකුත් දා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 05ක් ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. මේ වනවිට පාර්ලිමේන්තුවේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිලි 04ක් ලැබී තිබෙනවා. පොලිස් මූලස්ථානයට එක් පැමිණිල්ලක් ලැබුණු අතර එය පොලිස්පතිවරයා විසින් විමර්ශනය […]


Nov
25

මාතර සිසුවා ඝාතනයේ සැකකරුවන් පලා ගිහින්

Generic placeholder image

මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී අවුරුදු 19ක් වන පාසල් සිසුවෙක් ඝාතනය කිරීම හා තවත් සිසුවෙකුට තුවාල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි පොලීසිය  පවසයි. සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම සඳහා මාතර පොලීසිය පරීක්ෂණ කරන බවත් පොලීසිය පවසයි.


Nov
25

මහ විරු සැමරුම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ලබාදී නැහැ

Generic placeholder image

මාධ්‍යය වෙත නිවේදනයක් නිකුත් කරමින් මහ විරු සැමරුම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් එසේ අවසර ලබා දී ඇති බව හැගී යන ආකාරයේ සිදු කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් රජය අවධාරණය කර සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරනවා.


Nov
25

කුඩු ජාවාරම ජයටම

Generic placeholder image

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අභිරහස්‌ ලෙස පලා යැමේ සිද්ධියත් සමඟ වෙළේ සුදා, මොහොමඩ් සිද්ධික්‌ සහ සුසෙයි යන රට හෙල්ලූ මත්කුඩු ජාවාරම්කරුවන් යළිත් ප්‍රබල ලෙස කුඩු ජාවාරම අරඹා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. වෙළේ සුදා, සිද්ධික්‌ හා සුසෙයිගේ ගෝලයකු වන සුනිල් ශාන්ත නමැති පැනගිය කුඩු ජාවාරම්කරු 23 වැනිදා වනතුරුත් සුඟව […]


News Articles
Latest Videos
Most Popular Post