වවුනියාවේ කරුවේප්පන්කුලම් ගම්මානයේ බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක් ගොඩ නැගී තිබේ. මේ අරුම පුදුම මිත්රවත්වය දැක බලා ගැනීමට මේ සිද්ධිය පිළිබදව තොරතුරු කණ වැකුණු සැනින් ජනතාව එම නිවස කරා යන්නට පටන් ගෙන ඇත්තේ කුඩා ළමයින් විසින් කරණු ලබන ඇවිටිල්ල නිසාය. මේ නිවසේ උදවිය සුරතලයට බල්ලෙකු ඇති දැඩි කරණ අතර […]
මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව බී2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා. කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව මෙම දර්ශකය මගින් ගණනය කරනු ලබනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ලැබූ දරුණුම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් […]
සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රෑ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතයි. මේ අනුව ඔහුගෙන් හිස්වන ස්ථානය සඳහා දඟ පන්දු […]
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී මැතිසබයේ දේපළවලට සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වි ඇත්තේ මයික්‍රොෆෝන කිහිපයකට හා පුටුවකට හානි සිදුව ඇති බවය. මයික්‍රෙෆෝන සැපයූ ආයතනවලටද පාර්ලිමේන්තුවට පැමිණ සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ගණනය කරන ලෙසට දන්වා ඇති බව වාර්තා වෙනවා. කෙසේවෙතත් හානියට පත් උපකරණ ලබන සිකුරාදා වනවිට සකස් […]
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ බහුතර බලය සම්බන්ධයෙන් යළිත් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 12 දෙනාගෙන් හත්දෙනෙකු තම පාර්ශ්වයට අවශ්‍ය බවයි ආණ්ඩු පක්ෂය පවසන්නේ. ඉතිහාසය තුළ ගත් කළද ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමිවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්. බී. දිසානායක මාධ්‍යය වෙත ප්‍රකාශ කළා. […]
ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය රට විනාශයට පත්කළ බවත් ජනවාරියේ ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. “ආර්ථිකය කඩා වැටීම තිවූර කිරිමට අදාළ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී […]
ඊයේ දිනයේදී (19) පාර්ලිමේන්තු සැසිය අවසානයේ කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපය පිළිබදව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු භයානක හෙළිදරව්වක් සිදු කළා. එහිදි අමාත්‍යවරයා පැවසූවේ විපක්ෂ මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවට අවි ආයුධ ලබාදෙන්නේ කථානායක කරූ ජයසූරීය බවයි. පාර්ලිමේන්තුවට පැමිණීමේදි සියලූම මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන අතර කථානායකවරයා පරීක්ෂා කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂත්වයකි. “කරූ ජයසූරිය ඇවිල්ලා වාඩි වෙන්න නෙවෙයි, වහාම ඉල්ලා අස් වෙන්න […]
යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචෙලියන්ව ඉලක්ක කර යාපනයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තුන් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් ඊයේ (19) නියෝග කර තිබෙනවා. 2017 ජූලි මස 22 දා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි […]
පිහියක් පෙන්වා මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. සිද්ධියට අදාළව වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දැනුම් දෙමින් මේ බව දැනුම් දුන් වැලිකඩ පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක […]
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින්. ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු 25 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මේ අතර, කේරළ ගංජා කිලෝ 7යි ග්‍රෑම් 500ක් සමඟ කාන්තාවක් […]
සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙනවා. අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටළු ඇත්නම් ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය සිකුරාදා වන විට සියළුම සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කළේ. ලබන මස 3 වන දා සිට […]