News Line| Off Air
Generic placeholder image

Nov
20

සතෙකුගේ ශරීර කොටසක් ආහාර වල තිබී ආහාර විෂවීමෙන් සිසුන් 36 දෙනෙකු රෝහල් ගත කරයි

Generic placeholder image

මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පෙරවරුවේ සිසුන් දෙදෙනෙකුට වමනය සහ අජීරණය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම ආහාර ලබා ගත් අනෙක් සිසුන් 34 දෙනා ද රෝහලට ඇතුළත් කළ බවයි. […]


Nov
20

ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ – IFJ

Generic placeholder image

නිවේදනයක් නකුත් කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සදහන් කරනවා. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ බව කියන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යෑම, අතුරුදන් කිරීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් […]


Nov
20

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවයි?

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව ඔහු විසින්ම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නිශාන්ත සිල්වා මහතා සිය ස්ථාන මාරුවට එරෙහිව ජාතික පොලිස් කොමිෂමට ඇපෑලක්ද ඉදිරිපත් කර තිබෙනවා. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් […]


Nov
20

මේ දිනවල සමාජ ජාල කලඹන ඩාන්සර් මෙන්න

Generic placeholder image

කාලෙන් කාලෙට එක එක චරිත අපිට සමාජ ජාලා මාධ්‍යය වල දැකගන්න පුළුවන්. මොකක් හරි වෙනස් ජාතියෙ වැඩක් නිසා හැමෝගෙම අවධානය යොමු වුණ කට්ටිය ගොඩක් ඉන්නවා. මෑතකදි සමාජ ජාලා වෙබ් අඩවි වල වෙඩින් එකකට ගිහින් අමුතුම ආකාරයේ නැටුමක් කරන අපූරු තරුණයෙක් දැකගන්නට ලැබුණා. ඔහු නමින් දර්ශු දේව් . මේ තියෙන්නේ ඒ හැමෝගෙම අවධානයට ලක් වුණ වීඩියෝවයි. […]


Nov
20

ජනාධිපතිතුමන්ගේ මිලාදුන් නබි දින පණිවුඩය

Generic placeholder image

අද (20) මිලාදුන් නබි දිනයයි. ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම නිල නිවේදනයයි.


Nov
20

කරූව අයින් කරලා නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුවට

Generic placeholder image

වර්තමාන කථානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩකටයුතු සිදු කිරීම නිසා ආණ්ඩු පක්ෂයට ඒ ඒ අවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව තුළ තීරණ ගැනීමට සිදුව ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවේ අණ පනත්වලට විරුද්ධව මෙලෙස කටයුතු කිරීම නිසා පසුගිය දිනවල විශාල ප්‍රශ්නයක් නිර්මාණය වූ බවද ඔහු පෙන්වා දෙනවා. ඊයේ (19) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව මේ ආකාරයට අදහස් […]


Nov
20

කටහඬින් ජන්දය විමසා අගමැති ඉවත් කිරිම සුදුසු නෑ | ජී.එල්.පීරිස්

Generic placeholder image

අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන අවස්ථා තිබෙන බවත්, එහෙත් අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා එය සුදුසු ක්‍රමයක් නොවන බවත්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා , “තමාට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනාවලට පිළිතුරු දීමට […]


Nov
20

එජාපයේ 113ට බාලගිරි

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි පැවසීය. අද නොවේ හෙට කියමින් තමා ඉදිරිපත් කළ අභියෝගය බාරගැනීමට නොහැකිව එජාපයේ මන්ත්‍රිවරුන් 113 සිටින බවද ඒ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය රනිල් පිළ,සජිත් පිළ,රවී පිළ ලෙස බෙදී සිටින හේතුවෙන් මන්ත්‍රීවරුන් 113ක් සකස් කරගැනීමට නොහැකිව දඟලමින් සිටින […]


Nov
20

ජනාධිපති අවස්ථාව දෙනවා නම් අද වුණත් 113 පෙන්නනවා

Generic placeholder image

මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම නිසාවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍යය වෙත පවසා සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හෝ වේලාවක් ලබා දෙන්නේ නම් 113 පෙන්වීමට තම කණ්ඩායම සූදානම් බවද අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. බහුතරය පෙන්වීම සඳහා […]


Nov
19

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් යා යුතුයි

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැවින් ඔහු අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතු බව පැවැසීය. අද (19දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. රනිල් වික්‍රමසිංහත් අරලිය ගහ මන්දිරයෙන් යන්න ඕන. එයා හිතාගෙන ඉන්නේ අගමැති කියලනේ. එයත් අගමැති […]


Nov
19

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදි බව පාර්ශව 05ක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු කියයි

Generic placeholder image

අද (19) ජනපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අදාළව මැදිහත්කාර පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලිඛිත විරෝධතා ගොනු කළා. මැදිහත්වීමේ පෙත්සම් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පාර්ශවකරුවන් 05දෙනෙකු මෙම විරෝධතා ගොනු කළ බවයි වාර්තා වෙන්නේ. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති […]


Nov
19

පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ආදර්ශය ජනතාවත් ක්‍රියාත්මක කරයි

Generic placeholder image

සීගිරිය ඉනාමලුව පොලිසියට වෙළඳසැලක ගංජා ඇති බවට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වෙළඳසැල් හිමියන් විසින් පොලිසියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.  ඉන් අනතුරුව පොලු වලින් ප්‍රහාරද එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post