News Line| Off Air
Generic placeholder image

Nov
15

සිසු නොසන්සුන්තාවයක් නිසා කොළඹ නුවර පාර යක්කල නගරයෙන් අවහිර වෙයි

Generic placeholder image

කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වී සිටිනවා.ඒ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතිරුව යක්කල නගරයෙන් අවහිර කරමින්. ආයුර්වේද විද්‍යාතනයේ සිදුවන සිසු මර්දනය නතර කරන ලෙස සහ අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් නොමැති බව පවසමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ.


Nov
15

දෙපැත්තම මේ උත්සහා කරන්නේ රජයේ සම්පත් ටික ලබා ගන්න ඒ හින්දා ජනතාව දෙපැත්ත බෙදිලා වැඩක් නැහැ – හදුන්නෙත්ති කියයි | Video

Generic placeholder image

අද පාර්ලිමේන්තුව අවසානයේදී මධ්‍යයට අදහස් දක්වමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසා සිටියේ මේ තත්වය ඉතා අවසනාවන්ත තත්වයක් බවයි. එමෙන්ම ජනතාව දෙපිළ බෙදී වැඩක් නැති බව කී ඔහු ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් බලයට කෑදරකමේ සිටින බව පෙන්වා දුන්නා. ඒ අදහස් දැක්වීම පහතින්.


Nov
15

අද ජනපති කතානායක විශේෂ හමුව ස්ථීරයි

Generic placeholder image

කතානායක කරු ජයසුරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් අද සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්‍යලයේදී සිදුවෙනවා.


Nov
15

විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන ආවා ගම්මන්පිල කියයි

Generic placeholder image

කරු ජයසූරිය කථානායක ධුරයේ කටයුතු නිසි අාකාරව නොකරන බවත්, ඔහු ඉතාමත් විහිලු සහගත ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ගම්මන්පිල වැඩ්දුරටත් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වි ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


Nov
15

පාර්ලිමේන්තු 21 වෙනිදා රැස්වීම හෙට දවස දක්වා ඉක්මන් වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුව නැවත රැස්වීම 21 වෙනිදා නොව හෙට දවසේ සිදු කිරීමට පක්ෂ නායක හමුවේදී නැවත තීරණය වී තිබෙනවා. ඒ අනුව නැවත හෙට දවසේ දහවල් 1.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.


Nov
15

රනිල් මහින්ද හමුවක් පාර්ලිමේන්තුවේදී..?

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව තිබෙන්නේ. දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 5 බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙනවා.


Nov
15

මැතිවරණයක් හැර වෙන විකල්ප නැහැ – බන්දුල ගුණවර්ධන කියයි

Generic placeholder image

පවතින ‌‌දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.ඒ හරහා ස්වාධීන කථානායකවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.


Nov
15

ජනපතිගේ ලිපියට කතානායකත් පිළිතුරු දෙයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය පහතින්.


Nov
15

කතානායක ජනපති හමුවක්

Generic placeholder image

කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් තව සුළු මොහොතකින් පවත්වන්නට නියමිත බවයි සියත 24 පාර්ලිමේන්තු වාර්තා කරුවන් පවසා සිටියේ. එය සිදුවන ස්ථානයක් තවම නිල වශයෙන් දැනුම් දී නැහැ.


Nov
15

පාර්ලිමේන්තුව කල් තබයි නැවත රැස්වෙන දිනය මෙන්න

Generic placeholder image

කතානායක හා පක්ෂ නායකයින්ගේ හමුවද උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා, කෙසේ නමුත් සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියා සිටියේ පාර්ලිමේන්තුව 21 වෙනිදා දක්වා කල් තැබීමට පක්ෂ නියෝජිතයන් එකග වූ බවයි.


Nov
15

කථානායක හා පක්ෂ නියෝජිතයන් අතර හමුවක්

Generic placeholder image

කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ. විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, ගයන්ත කරුණාතාලක, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම් අනුර කුමාර දිසානායක හා විජිත හෙරත් යන මැති ඇමතිවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.


Nov
15

පාර්ලිමේන්තු අවට ප්‍රදේශයට කථානායක STF ආරක්ෂාව ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ මතුව ඇති නොසන්සුන්තාවය මත කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.ඒ අනුව එම STF ආරක්ෂාව යෙදවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. තවමත් පාර්ලිමේන්තුව කල් තැබීමේ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post