සල්මන් ඛාන්ට විරුද්ධව, අවුරුදු 18 ක් තිස්සේ තිබුන නඩුවක තීන්දුවක් අද ප්‍රකාශයට පත්කලා. ඒ 1998 දී වනජීවී සංරක්ෂණයේ දී රතු කළු කැකුළු මුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සම්බන්ධයෙන් තිබුන නඩුවක්. මේ තීන්දුවේදී සල්මන් වැරදිකරුවෙක් කියල අද තීන්දුව ප්‍රකාශ කළා. මෙහිදී සල්මන්ට අවුරුදු 5 ක සිර දඬුවමක් නියම කරල තියෙනවා. ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ පනත යටතේ ජයපූර් අසල […]
මේ දවස්වල තියෙන රස්නෙට කොච්චර නෑවත් මදි. මේ නාල එළියට එනවා මේ දාඩිය දානවා. ඔන්න ඉස්සරහා දවස් කිහිපයේ හැමෝම කබලෙන් ලිපට වැටෙන්න යන්නේ. අද ඉදන් ලබන 15 වෙනිදා දක්වා ලංකාවට ඉහළින් කෙලින්ම ඉර මුදුන් වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. හෙට දවල් 12.12 ට අලුත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම ප්‍රදේශ ඉහළින් හිරු මුදුන් වෙනවා. […]
සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්. ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. පහුගිය දවසක ලංකාවට ආව ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් වුන සෝනු නිගම් ලංකාවට ආව වෙලාවේ සංඛ එක්ක ගීතයක් කරා. සංඛත් එක්ක ඇතිවුන මේ මිත්‍රත්වය නිසා සෝනු, සංඛට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා කරා. ඒ නිසා සංඛ පහුගිය දවසක සෝනු නිගම් හම්බෙන්න ඉන්දියාවට ගියා. සෝනු තමන්ගේ […]
සමහර වෙලාවට ග්‍රහ අපල වලට සත්තු නිදහස් කරන්න කියනවනේ. ගොඩක් වෙලාවට අපල වලට නිදහස් කරන සත්තු ගෙනත් දාන්නේ පන්සලකට හෝ දේවාලයකට. මොකද පූජා භූමියක ඉන්න සතෙක්ට කවුරුවත් කරදරයක් කරන්නේ නෑ. හැබැයි දේවල භූමියට ආව මුවෙක්ව මරා මස් කරපු දේවාල කපුවෙක් ගැන වාර්තා වෙනවා. කණගාටුවට කරුණ නම් ඒ වෙන කොහෙවත් නෙවෙයි කතරගම පුදබිමේ තියෙන කඩවර දේවාලයේ […]
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ආරම්භ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගී වුනේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා. ආරම්භක උළෙලේ විවිධ නර්තනාංගයන්ගෙන් වර්ණවත් වුණා. ඒ වගේම දැවැන්ත තාක්ෂණයක් මේ උත්සවය වෙනුවෙන් යොදාගෙන තිබ්බා. මේ තියෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමාරම්භක උළෙලේ ඡායාරුප.
යන යන තැන කුණු දාලා අපිරිසිදු කරන එක මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක්. මිනිස්සු අභ්‍යවකාශයට ඇතුල් වුනාට පස්සේ අභ්‍යවකාශයත් එකම කුණු ගොඩක් වුණා. මේ වෙද්දී මිනිසා විසින් අභ්‍යවකාශයට යවන ලද යානා, චන්ද්‍රිකා වලින් නිර්මාණය වුන අපද්‍රව්‍ය ටොන් 7500 කට වැඩ පෘතුවිය වටා කරකැවෙමින් තියෙනවා. පැරණි සහ අක්‍රීය යානාවන් සිට කුඩා ඇණ, යානාවලින් ගැළවී ගිය තීන්ත පතුරු […]
එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. මිට සුළු මොහොතකට පෙර එතුමා ඒ බව දැනුම් දුන්නා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා තියෙනවා. 2015 ජනාධිපතිවරණයේදී තිස්ස අත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුනාට පස්සේ කබීර් හෂීම් මහතා මහා ලේකම් ධූරයට පත්වුණා.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ ඔස්ට්‍රේලියාවේදී. එහිදී බර ඉසිලීමේ ඉසව්වෙන් පළවෙනි පදක්කම ලංකාවට හිමි වුණා. කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ කල චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඔහු එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 248 ක්. මෙය ශ්‍රී ලංකා වාර්තාවක්ද වෙනවා.
විශ්වාසභංගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. මේ ජයග්‍රහණයෙන් පස්සේ එතුමා මුලින්ම ගියේ හුණුපිටිය ගංගාරාම විහාරයට. එහිදී ආගමික වතාවත් වල නිරත වුන එතුමා ආශිර්වාදය ලබා ගත්තා. මේ ජයග්‍රහණයෙන් පස්සේ එතුමාට ඡන්දය ලබා දුන්න මැති ඇමතිවරුන්ට සහ සහය දක්වපු ජනතාවට ස්තුති කරලා Facebook පණිවිඩයක් තියලා තිබ්බා. මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් […]
ඊයේ තිබ්බ විශ්වාසභංග ඡන්දයෙන් වැඩි ඡන්ද 46 ක ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. එතුමාට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණා. විශ්වාසභංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් විතරයි. කොහොම වුනත් මන්ත්‍රීවරු 26 ක් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් හිටියේ නෑ. මේ විදියට විශ්වාසභංගයට නොපැමිණි මන්ත්‍රීවරු අතර විශ්වාසභංගයට අත්සන් කරපු ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ […]
අද 2018 අප්‍රියෙල් මස 05 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා, අලුයම 01.41 සිට 03.10 දක්වා සුභ දිශාව: උතුර මේෂ ලග්නය මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය සමඟ කරන […]
අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය කඩ කළ බවට සඳහන් විශවාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් මීට සුළු මොහොතකට කලින් අවසන් වුණා. ඒ අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ නොකළ බවට අති බහුතරයකගේ තීරණය ලැබීමත් සමගයි. මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවුනේ වෙනදා මෙන් රහස් ඡන්දයක් ලෙස නොව ප්‍රසිද්ධියේමයි. ඒ අනුව අවසාන ගණනය කිරීමට අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ […]