News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

තවත් ආසාදිතයින් 243ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 243 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,136 දක්වා ඉහළ ගියා.


Nov
19

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 16 වැනිදා සිට යළි ආරම්භ කෙරුණා. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ ඔක්තෝම්බර් මස 7 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා දඩ නොමැතිව එම බලපත්‍ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය […]


Nov
19

හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් 23 වැනිදා ආරම්භ කෙරේ

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද යළි ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව අදාළ පිරිවෙන් සහ අධ්‍යාපන ආයතන ලබන 23 වැනිදා සිට විවෘත කරන බවයි.


Nov
19

සාමාන්‍ය පෙළ විභාගයේ දින ගැන ලබන සතියේ යළි සමාලෝචනයක්

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීම ට නියම කර තිබුනත් බස්නාහිර පළාත තුල පාසල්වල දරුවන්ට පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම සැලකිල්ලට ගෙන විභාග දින සංශෝධනය කිරීමට සිදු වේද යන්න පිලිබදව ඉදිරි දෙසතිය තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරනවා.


Nov
19

බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් හමු වෙයි

Generic placeholder image

පානදුර පමුණුගම ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා. අදාල මළ සිරුර 54 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරු පුද්ගලයෙකු ගේ වන බවයි කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ. ප්‍රදේශවාසීන් විසින් එම මළ සිරුර එම ජලාශයේ පාවෙමින් තිබියදී දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Nov
19

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයින් ගණන 12500 අභියස

Generic placeholder image

බස්නාහිර පළාත තුල මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිත ගණන 12500 ට ආසන්න බව දත්ත වාර්තා පෙන්වා දෙනවා. එය සටහන් වන්නේ 12,418 ක් ලෙසයි. එනම ආසාදිතයින් අතරින් වැඩිම ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එය 6,141 ක් ලෙස සදහන් වන අතර දෙවන වැඩිම ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමු වනවා. එය 5,667 ක්. ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 610 […]


Nov
19

ෆයිසර් නත්තලට පෙර එන ලකුණු

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා නිෂ්පාදනය කර තිබෙන ෆයිසර් එන්නත මේ වසරේ අවසානයේ එනම් නත්තලට පෙර බෙදා හැරීම සිදු කල හැකි බවයි නිෂ්පාදිත සමාගම සදහන් කරන්නේ. එම එන්නත අවුරදු 65 ඉක්ම වූ වයස්ගත පුද්ගලයින්ට පවා කොරෝනා මර්දනයට 95 %ක සාර්ථක උපකාරයක් ලබා දෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Nov
19

කළුතර රෝහලේදී සිදුකළ අපූරු සැත්කම

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීමේ සැත්කමක් කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී ඊයේ සිදු කළා. මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස මෙය හදුන්වා දිය හැකි බවයි ඊට සම්බන්ධ වෛද්‍ය කණ්ඩායම සදහන් කරන්නේ. මේ අනුව පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටිමීටර 4ක පමණ ප්‍රමාණයේ විශාල […]


Nov
19

පාසැල් ආරම්භය ගැන තීරණය ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරනවා. ඒ 6 සිට 13 දක්වා ශ්‍රේණි දක්වා යි.


Nov
19

ජනපති පාර්ලිමේන්තුවට එයි

Generic placeholder image

2021 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණ තිබෙනවා.


Nov
19

මුදල් භාවිතය අවම කර හැකි තාක් කාඞ්පත් මගින් ගනුදෙනු සිදු කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

මේ වන විට පවතින තත්වය හමුවේ හැකි තාක් ජනතාව මුදල් භාවිතය අවම කර කාඩ්පත් මගින් ගනුදෙනු සිදු කරන ලෙසට ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. මුදල් හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වීමේ අවදානමක් පවතින බැවින් එම අවදානම ද ඒ තුලින් අවම වන අතරම කාඞ්පත් මඟින් සිදුකරන ගනුදෙනු වලට වඩාත් හුරු වීමට ද එය අවස්ථාවක් බවයි පැවසෙන්නේ.


Nov
19

පාසල් ආරම්භ කිරීම පිලිබදව අවසන් තීරණය අද ප්‍රකාශයට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් පාසල් තුන්වන වාරය ආරම්භ කිරීම මේ මස 23 වෙනිදා දක්වා දිගු කල අතර කෙසේ වෙතත් ඒ පිලිබදව ද අවසන් තීරණය අද මාධ්‍ය වෙත ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඊයේ පැවැති සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අතර කතිකාවේ ගත් අවසන් තීරණය මෙලෙස අද ප්‍රකාශ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post