අගෝස්තු 20 වැනි දින පැවැත්වීමට නියමිත නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එයට අනුව පස්වරු 3ට ජනාධිපති මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමියි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැළසෙන පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු […]
හෙට (15) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11, 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව වාර්තා වනවා.
එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමට අද (14) උදෑසන පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළා. ආරම්භක පියවරක් ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සහ නායකත්වය පිළිබඳ තීරණයක් […]
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය Facebook පිටුවේ ඊයේ දිනයේ විශේෂ සටහනක් තබා තිබෙනවා. එම සටහනේ දැක්වෙන්නේ “වෙහෙසකර අභියෝගක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි“ යනුවෙන්ය. හිටපු ජනපතිවරයා මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පළමුවා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් වුණා.
2001 සැප්තැම්බර් 11 ඇමෙරික එක්සත් ජනපදයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය සිහිපත් කරමින් සහ එහිදී මියගිය අයට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ආලෝක උපහාරය මෙවර සිදු කිරීමට නොහැකි බව බලධාරීන් සදහන් කරනවා . ඒ එරට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙනයි. මෙම ආලෝක කදම්බ නිකුත් කිරීම සදහා ඒ සදහා වන වැඩ කටයුතු සිදු […]
පළමුවැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමිවුණා. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල ” One Blood ” කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන චරිතයකට ලබා දුන් රංගනය හේතුවෙන්. රටවල් 1000කට අධික තරඟකාරී කෙටි චිත්‍රපට 1000කට අසන්න ප්‍රමාණයක් අතුරින් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය ශ්‍යාම් ප්‍රනාන්දු හිමිකරගනු […]
වතු නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අද සිය ධුරයේ වැඩ ආරම්භ කළා. ඒ කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යංශයෙදී .
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය පිලිබදව ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවදානය යොමු කිරීමේදී ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ ශීතකළ ආහාර මතින් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත නොවන බවයි. මෙසේ ප්‍රකාශ කර ඇති පසුබිමක ඉකුත්දා චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව චීනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. […]
නව වන පාර්ලිමේන්තුවේ මංගල සභා කැදවීම අදාල ගැසට් නිවේදනය ජනපතිවරයාගේ නියෝගය පරිදි නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වෙන බවයි එම ඇති විශේෂ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානි ඇතුළු රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි රත්නපුර නගරයේ අලෙවි කිරීම තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ආලේපන වල අඩංගු අධික රසදිය නිසා සමට අහිතකර බව මෙන්ම ඒවා පිළිකාකාරක ලෙසද පරීක්ෂණ මඟින් සනාථ වී ඇති පසුබිමක වෙළෙඳපොල තුළ අලෙවි කරන බව අනාවරණය වී තිබෙන්නේ. පිට පළාත්වලින් […]
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබදව අවසන් තීරණය අද පැවැත්වෙන එම පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ගැනීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ අනුව පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු කිරීමටද මෙහිදී කතිකා කරන බවයි වාර්තා වන්නේ.
දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමනපැ.කි.මි.50 දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.