පුත්තලම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සමග සුරාබදු නියාමකවරයෙක් ඇතුළු 08 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කල වැටලීමකදී. බුද්ධි අංශ තොරතුරකට අනුව අදාල වැටලීම සිදු කර තිබු අතර අත් අඩංගුවට පත් වූ 08 දෙනා අතර කාන්තාවන් 04 දෙනකුද ඇතුලත්. ඔවුන් සමග තවත් පිරිමි පුද්ගලයින් 03 දෙනකු […]
මාරාන්තික කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ නව ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අනුව ගත වූ පැය 24 තුළ පමණක් රෝගීන් 71, 442 දෙන් හදුනාගත් බව එරට වාර්තා සදහන් කරනවා. වාර්තා වන මරණ ගණන 146,183ක්.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සහ එම කාර්යංශයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ. එම කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ, කාර්ංශයේ යම් නිලධාරින් පිරිසකට මේ වන විටත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කාර්යාංශය මට්ටමින් අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවයි. ඒ අනුව දැනට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ රාජකාරි කටයුතු සිදුකරන නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ අධික්ෂණයක් සිදුකිරීමටත් රාජකාරි […]
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (22) දිනයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමගයි. එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද කොවිඩ් […]
රාජ්‍ය සේවයේ නිරත වී සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ට ඊයේ (22) රැස්වු අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන් ට […]
අද දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන අතර වසබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 70 ඉක්ම වූ වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට තුවාල සිදුවී ඇත. පාලිත තෙවරප්පෙරුම මහතා මෙලෙස අද (22) පස්වරුවේ ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.
උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක / අවිවාහක බව ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මහතා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ මව පියාගේ විවාහක අවිවාහක භාවයන් යන කරනා හේතුවෙන් බොහෝ දරුවන් සමාජ ගැටලුවලට ලක් වන බවයි.
කොවිඩ් – 19 වැලැක්වීම සදහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කල නියෝග ක්‍රියාවට නංවන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව දැනුම් දී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින්. සෞඛ්‍ය අමාත්‍යවරිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කල සෞඛ්‍ය රෙගුලාසි පිලිබදව දේශපාලන පක්ෂ කිසිදු අවදානයක් යොමු නොකරන […]
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2730 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත. කොරෝනා අසාදනය වූ පුද්ගලයින් 2048 දෙනකු මේ වන විට සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් ගණන 671 ක්. මේ අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට කොරෝනා අසාදනය වීම වැලැක්වීම සදහා කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. ඊට අදාල […]
ඩෙංගු අවදානම් සහිත දිස්ත්‍රික්ක 06 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබෙනවා. කොළඹ, ගම්පහ, නුවර, ගාල්ල රත්නපුර, දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් හෙට සිට වැඩ සටහන ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලේ. වසරේ ගත වූ කාලය මෙරටින් හදුනාගත් ඩෙංගු ආසාදිතයින් ගණන 23 […]
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය සටහන් වන්නේ ආසාදිතයින් 15,096,317ක් ලෙසයි. වාර්තා වී ඇති මරණ ගණන 619, 520ක්. මෙම වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වුණ රටවල් අතර තදුරටැහැ පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144,953 ක් ලෙස වාර්තා වනවා.