මාරාන්තික කොරෝනා වෛරසයෙන් ගෝලීය මිය ගිය ගණන 631,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වන ගෝලීය ආසාදිතයින් ගණන 15, 435, 113 ක්. තව දුරටත් කොරෝනා බලපෑම් වැඩිම රට ලෙස වාර්තා අතර පලමු ස්ථානයේ රැදෙන්නේ ඇමෙරිකාවයි. මෙම තත්වය පාලනය කිරීමට තවමත් අසමත් වීම පිලිබදව එරට ජනපති ඩොනර්ඩ් ට්‍රම්ප් හට දැඩි විවේචන එල්ල වෙම්න් […]
මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2753 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා ආසාදිතයකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 665 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය. කොරෝනා අසාදිතව සිට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2077 කි.
මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු එම රෝහලෙන් පළාගොස් තිබෙනවා. ඔහු අද (24) අලුයම රෝහලෙන් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ. අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය සදහන් කළේය. මෙම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් […]
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. ඒ ,පසුගියදා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි. ඊට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 7 ක් කොරොනා මර්දන රාජකාරිවලින් හා ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වුණා. ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුගේ සංගමයේ […]
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන […]
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා මේ වන විට සැළසුම් කරමින් පවතින බවත් එහි අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව යෝජිත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහල තුළ පිහිටුවීමට නියමිතය. එම වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල යොදා ගැනීමට යෝජනා වී තිබෙන […]
රියදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. මෙම ක්‍රමය තුළින් නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුවල දී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු තීරණය වේ. මාර්ග අනතුරු සිදුකළහොත් එම ක්‍රමය යටතේ ලකුණු 24 […]
බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට අද (23) රාත්‍රී 10 සිට හෙට (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත්වෙන අතර බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් […]
5G සමග අප රටට තවමත් හරියාකාර අත්දැකීමක් නැති වුවත් බොහෝ දෙනා මෙම තාක්ෂනය පිලිබඳ බෙහෙවින් උනන්දුය.දැනටමත් මෙම තාක්ෂනය බොහෝ රටවලට ලැබී ඇති අතර එය බ්‍රෝඩ්බෑන්ඩ් වලට වඩා වේගවත් වීම විශේෂය. නමුත් සෑම කෙනෙකුටම සෑම රටකටම තවමත් එය ලබා ගත නොහැක. ඔපෙන්සිග්නල් තම නවතම වාර්තා මගින් හෙළි කල 5G පරිශීලක ජාලයන්ගේ වේග වාර්තාවන් දැක ගත හැක්කේ […]
අද වන විට බොහෝ රටවල්වල ජනගහන වර්ධන වේගය අඩු වීමක් දක්නට ලැබෙනවා. ජනගහනය වර්ධන වේගය පහළ යාම නිසා රටකට මුහුණ දීමට සිදුවන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. එනම්, ජනගහන වර්ධන වේගය පහළ යාම සංවර්ධනය නොවූ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට වාසි දායක කරුණක් වනවා. එනම් අද වන විට හොද අධ්‍යාපනයක් සහ වෘත්තිය මට්ටමක් ඇති කාන්තාවන් […]
මානසික සෞඛ්‍ය සේවාලාභින් ගේ ක්‍රියාකාරී ජාලය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ මානසික රෝගීන් පිඩාවට පත් වන ආකාරයේ ක්‍රියවලින් තොරව මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස ඉල්ලීමක් කරමින්. මැතිවරණ රැස්වීම් වලදී එවැනි පුද්ගලයින් අපහසුතාවයට පත් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමෙන් වලකින්නැයි ඉන් ඉල්ලා තිබෙනවා. මහ මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිතයි.
මෙරටින් පලා ගොස් ඉන්දියවේ සැගවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය සදහන් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.