News Line| Off Air
Generic placeholder image

Jul
25

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහලට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 11 ත් සමගයි. ඔවුන් අතරින් 09 දෙනෙක් මත් ද්‍රවය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැදවියන්. අනෙක් අසාදිතයා එම මධ්‍යස්ථානයේ ආසදිතයගේ ආශ්‍රිතයෙක්..


Jul
25

වරාය වෘත්තීය සමිති වලින් රතු එළියක්

Generic placeholder image

කොලඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ පුද්ගලීකරණය කිරීමේ ගැටලුවලට පැය 24 ක් ඇතුලත විසදුම් නොලැබුනත් තම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව වාරය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන වාරය වෘත්තීය සමිති සේවකයින් පවසනවා. මේ පිලිබදව ජනපති දැනුවත් කර විසදුමකින් බලාපොරොත්තුවෙන් ඊයේ සවස ඔවුන් ජනපති කාර්යාලය වෙත විරෝධතා පෙළපාලියක් සංවිධානය කළා. ඉන් පසු ජනපති සහකාර ලේකම්වරයෙක් සමග කතිකාවක් පැවැත්වූ බවයි […]


Jul
25

මාස 04 කට පසු වොෂින්ටන් සත්වෝද්‍යානය විවෘත කිරීමට අවසර

Generic placeholder image

ඇමෙරිකාවේ වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානය මාස 04 කට පසු විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. සත්වෝද්‍යානය නැරඹිමට එන පුද්ගලයින් කල් වේලා ඇතිව ටිකට් පත් වෙන් කරවා ගැනීම සිදු කල යුතු බවත් එය තුලට එක් වරකදී ඇතුළු කර ගන්නා පුද්ගලයින් ගණන සීමා කිරීමට හා සත්වෝද්‍යානය පැමිණෙන සෑම දෙනාම මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේ වෙතත් […]


Jul
25

කොරෝනා අරමුදලෙන් PCR පරීක්ෂණ සදහා මිලියන 36 ක්

Generic placeholder image

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබෙනවා. අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී […]


Jul
25

තැපැල් ජන්දය සලකුණු කිරීම අදත්

Generic placeholder image

තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වූ ජන්ද හිමියන්ට අද දිනයේදී ද ඒ සදහා යලිත් අවස්ථාව ලබා දී තිබෙනවා. අද පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා ජන්දය සලකුණු කිරීමට අවස්ථව හිමිවනු ඇති. තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කල හැකිය. ඊයේ පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වාද ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා […]


Jul
25

කොළඹ තැන් කිහිපයකට අද පැය 09 ක් වතුර නෑ

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරනවා. මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලත් කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට […]


Jul
25

අද කාලගුණය

Generic placeholder image

අද බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන […]


Jul
24

ජන්දය සදහා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද වෙනුවෙන් අමතර කෝටි 50ක්

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කොටගෙන පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද වෙනුවෙන් අමතර කෝටි 50ක් විශේෂයෙන්ම අමතර කෝටි 50 ක් වැයවෙන බව මැතිරණ කොමිසම සදහන් කරනවා. ජන්ද මධ්‍යස්ථාන වල සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ මිලදී ගැනීම සදහා එම ක්‍රමවේදයන් වලට මෙලෙස අමතර කෝටි 50ක් වියදම් වනු ඇතැයි එම කොමිසම සදහන් කරනවා.


Jul
24

ලබන සදුදා සිට සියලු පාසල්වල 11 ,12 සහ 13 ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර

Generic placeholder image

ජුලි මස 27 වන සඳුදා දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.


Jul
24

අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පනියි

Generic placeholder image

මත්ද්‍රවය සහ රන් භාණ්ඩ ලග තබා ගැනීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අද පානදුර අධිකරණයට රැගෙන යමින් සිටියදී පළා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් කොස්තාපල් වරයෙකුගේ සහ ආරක්ෂක නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ අධිකරණයට ගෙන යමින් සිටියදී මෙලෙස පල ගොස් තිබෙන්නේ.


Jul
24

මුල්ලේරියාව අයි. ඩී. එච් රෝහලෙන් පැනගිය පුද්ගලයා සොයා ගැනේ

Generic placeholder image

2020.07. 24 වන අද දින අලුයම් කාලයේ මුල්ලේරියාව අයි. ඩී. එච් රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා අද දින උදෑසන කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සොයා ගෙන තිබෙන බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ අනුව ඒ රෝගියා සොයා ගැනීම පිලිබදව දැනුවත් කල යුධ හමුදාව ඇතුළු සියලු මාධ්‍ය ආයතන වලටත් සහ සමාජ මාධ්‍ය වලටත් මහ […]


Jul
24

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Generic placeholder image

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවල හෙට රාත්‍රී 8 සිට අනිද්දා උදෑසන 5 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. එමෙන්ම කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post