News Line| Off Air
Generic placeholder image

Jun
4

දිවයින පුරා විශේෂ මාර්ග බාධක

Generic placeholder image

ඊයේ(03) දින රාත්‍රී 10 සිට අනිද්දා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාමත්මක වෙනවා. ඒ අනුව අද(04) දිනයේ දී සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව දිවයින පුරා පුද්ගලයින් හා වාහන පරීක්ෂාවට ලක් කිරීමට පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් […]


Jun
4

පොසොන් පෝයට දන්සැල් නොපවත්වන්නැයි මහජන පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි

Generic placeholder image

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දන්සැල් නොපවත්වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවය. කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර ගනිමින් කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය අංශ වෙත මහජනතාවගේ සහයෝගය ඉදිරියේදිත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.


Jun
4

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ

Generic placeholder image

අද සහ හෙට දිවයින පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක කෙරෙනවා. හෙට දවස පුරාම ඇදිරි නිතිය ක්‍රියාත්මක අතර අද රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ලබනවා.


Jun
3

සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 424ක් දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා තිබෙනවා. අයි.ඩී.එච් සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදාව පැවසුවා. මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා.


Jun
3

මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

Generic placeholder image

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් සභාපතිවරයා මේ බව පැවසී ය.


Jun
3

වසර 100 ට පසු නිසර්ගා මුම්බායි කළඹයි

Generic placeholder image

වසර 100 කට පසු නිසර්ගා’ සුළි කුණාටුව අද මුම්බායි නගරයට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් සියයක වේගයෙන් හමන අතර මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ජනතාවට සිය නිවෙස් තුලටම වී සිටින්නැයි එරට රජය දැනුම් දී තිබෙනවා. සති දෙකක් තුළ ඉන්දියාවට බලපෑ දෙවැනි සුළි කුණාටුව […]


Jun
3

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා ව්‍යප්ත වන කොරෝනා වෛරසයට ගොදුරු වූ අසල්වැසි ඉන්දියාවේද කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන දෙලක්ෂ 7,191 ලෙස සටහන් වෙනවා. මෙම වෛරසය අසාදනයෙන් එරට මිය ගිය ගණන 5,829 ලෙස ඉහල ගොස් තිබෙනවා.


Jun
3

තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jun
3

චීනයෙන් තවත් පරිත්‍යාගයක්

Generic placeholder image

මෙරට ප්‍රවාහන අංශයන්හි සේවය කරන අයගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැළකෙන CMC සමාගම විසින් ආරක්ෂක කට්ටල තොගයක් ඊයේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නා.


Jun
3

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(03) පැවැත්විමට නියමිතව තිබේ. මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. කෙසේවෙතත් මැතිවරණය පැවැත්විමේ දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනිමට නොහැකි බව ද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය. එහෙත් දීර්ඝ කාලයක් නොගෙන මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන […]


Jun
3

ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 40ක්

Generic placeholder image

ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මේ අනුව […]


Jun
3

අද කාලගුණය

Generic placeholder image

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි‍. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ […]


News Articles
Latest Videos
Most Popular Post