කොවිඩ් ආසාදිතයින් 74,000 ක් සහ මරණ 2 500කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාව සඳහා ආර්ථික පැකේජයක් හඳුන්වාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත. අගමැතිවරයා ජාතිය අමතමින් සිය නව සැලසුම් මෙලෙස අනාවරණය කර තිබුණි. ඉන්දීය රුපියල් ට්‍රිලියන 20ක වටිනාකමකින් යුත් මේ දැවැන්ත පැකේජය යටතේ, කොවිඩ් හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීම අපේක්ෂා කෙරුණි. මෙම පැකේජය යටතේ, […]
දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබෙන අතර මේ වන විට එම ගින්න මැඩපවත්වා ඇති බව පොලිසිය සදහන් කරනවා. ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී තිබෙන බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් විසින් පැවැත්වු අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම පිළිබඳ දේශන හා ගිනි අවි භාවිත කිරීම පිළිබඳ දේශනවලට සහභාගී වු බව කියන බාලවයස්කාර ළමුන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඔවුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැය 04කට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදුන් බව අප […]
කොවිඩ් – 19 වෛරසයෙන් මේ වන විට ලොව වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් ඊයේ මරණ 1,008 ක් වාර්තා වුණි. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 81,795 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ එරටින් ආසාදිතයන් දහ අටදහස් එකසිය අනූහයක් වාර්තා වීමත් සමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අසූපන්දහස ඉක්මවා ගොස් තිබේ. මේ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන යූජින් ජැරෙකි […]
රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ලෝකයේ ආර්ථික කටයුතු නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යළි ගුවන් ගමන් අද සිට ආරම්භ වේ. ඒ අනුව අදාළ රටේ සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා ආරම්භ කරමින්, ලන්ඩන්, ටෝකියෝ (නාරිටා) මෙල්බර්න් සහ හොංකොං යන ගමනාන්ත වෙත සේවා සැපයෙනු ඇති. වර්තමානයේ බොහෝ රජයන් […]
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව […]
මහ මැතිවරණය සදහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(13) පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. මේ අතර සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ(12) දින පැවැත්වුණි.
ඊයේ(12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
අද (11) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 879 ක් වනවා.
කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්ව තිබෙනවා. ඒ අද දිනයේදී තවත් ආසාධිතයින් 10,899 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව එහි සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 232,000 ක්. එය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණයි. පසුගිය පැය 24 දී මොස්කව් අගනුවරින් වාර්තා වී ඇති ආසාධිතයින් ගණන 5000 කට ආසන්නයි.
තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට ආසාධිතයින් සංඛ්‍යාව 879 දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
දිවයින ආශී‍්‍රතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරෝත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල අද රාති‍්‍ර කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලත් අම්පාර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථාන […]