News Line| Off Air
Generic placeholder image

Apr
14

ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

Generic placeholder image

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද නවදහස් එකසීය ඉක්මවා ගොස් ඇත. එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරු 10ට ජාතිය ඇමතීමට නියමිතයි.


Apr
14

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ විසි දාහකට ආසන්නයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 20,000 ට ආසන්න වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 19,595 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එය 26,448 ක්. ඊයේ(13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ […]


Apr
14

රන්ජන් අද අධිකරණය හමුවට

Generic placeholder image

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක […]


Apr
14

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ(13) රාත්‍රියේ තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි. අප්‍රේල් 12 දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා ඊයේ දිනයේ අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 218 දක්වා වැඩි වී ඇත. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට […]


Apr
13

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
13

රන්ජන් රාමනායක අත්අඩංගුවට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.


Apr
13

අද පස්වරු 6 සිට විශේෂ පොලිස් මෙහෙයුමක්

Generic placeholder image

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා […]


Apr
13

මෙරට හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 214 දක්වා ඉහලට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 214 දක්වා ඉහල ගොස් තිබෙනවා.


Apr
13

දිවයිනේ පී.සී.ආර් පරික්ෂණය කරගැනීම සදහා ස්ථාන 12 ක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609 ක් සිදු කිරිමට පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නා. මේ වන විට මෙරට තුළින් කොවිඩ් නයින්ටීන් […]


Apr
13

චීනයෙන් නැවතත් දිනක් තුළ කොරෝනා රෝගීන් 108 ක්

Generic placeholder image

චීනයෙන් නැවත වරක් දිනක් තුළ කොරෝනා රෝගීන් 108 ක් හමු වී තිබෙනවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු විදේශිකයන් බව විදෙස් වාර්තා පැවසුවා. එහෙත් හුබෙයි ප‍්‍රාන්තයේ ගත වූ පැය 24 තුළ කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ. කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් මේ දක්වා හමු වූ රෝගීන් සංඛ්‍යාව 82160 ක් වන අතර චීනයෙන් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 3341 […]


Apr
13

ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක්

Generic placeholder image

රට තුළ මේ වන විට පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක 071 030 1225 මෙම අංකය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් හඳුන්වා දී තිබෙනවා.


Apr
13

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන් වෙත ඉල්ලීමක්

Generic placeholder image

සිංහල අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතේදී ඔබේ පැන්සල හෝ පෑන අතට ගෙන පොතක් ලිවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක කෙරෙන “අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක්” යන වැඩසටහනට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් […]


News Articles
Latest Videos
Most Popular Post