News Line| Off Air
Generic placeholder image

Apr
8

කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 188 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
8

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන […]


Apr
8

ප්‍රදේශ කිහිපයක මුහුදු රළ ගොඩබිමට පැමිණීම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි මුහුදු රළ මීටර 2-2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ හේතුවෙන් මුහුදු රළ ‍ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමෙන්තුව පැවසුවේ. එම මුහුදු […]


Apr
8

ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමා ශාලා හිමියන්ට හා සිනමා ශිල්පීන්ට සහනයක්

Generic placeholder image

ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට තුන්මසක කාලයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සූධීර නිලංග විතාන මහතා නිවේදනය […]


Apr
8

කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 186 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
8

දේශීය ඖෂධ මුසු කළ නව මුඛ ආවරණ හඳුන්වාදීමට සුදානමක්

Generic placeholder image

කොරනා වෛරසයෙන් ජනයාට ආරක්ෂා වීම සදහා දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණයක් හදුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා නව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.


Apr
8

ලොව පුරා කොරෝනා මරණ ගණන 82,000 දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 82,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ගත වූ පැය 24 කාලය තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 1966 වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 12000 ක් ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා කොරෝනා අසධිත ගණන 1,430,516 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Apr
8

නව ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Generic placeholder image

නව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය අප්‍රේල් මස 30 වන දින අවසන් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය […]


Apr
8

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 17717ක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17717ක් බවට පත්ව ති‍‍‍බේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බවයි. ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට පත්ව ඇත. එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්.


Apr
8

ඉදිරි දින 14 තීරණාත්මක බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල ඉදිරියට ද පවත්වාගෙන යාම මගින් වෛරස ව්‍යාප්තිය මෙරටින් තුරන් කළ හැකි බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය පවසයි. හලාවත ඉරණවිල පිහිටි “අමෙරිකන් හඞ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙම අදහස් පල කළේය.


Apr
8

සියලු ඔසුසැල් ලබන බ්‍රහස්පතින්දා විවෘත කිරීමට පියවර

Generic placeholder image

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) දින සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විය. එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී […]


Apr
7

Dialog සමග සියත ලෙන්ගතුකම අද අනුරාධපුරයට යයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Dialog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම පිහිටක් […]


News Articles
Latest Videos
Most Popular Post