News Line| Off Air
Generic placeholder image

Dec
27

පිලිපීනයේ සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළට

Generic placeholder image

නත්තල් උදාවේ පිලිපීනයට හැමූ ෆෑන්ෆෝන් සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි සුළඟින් විශාල ජල ගැලීම් ඇති වූ අතර, ප්‍රාන්ත රැසක නිවාස විශාල සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. මේ හේතුවෙන් තවත් 12 දෙනෙකු අතුරුදන්ව සිටින බව පිලිපීන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළා. සුළි සුළඟ හේතුවෙන් 58,000ක ජනයා […]


Dec
27

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණා.


Dec
27

ගංජා සහ හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට

Generic placeholder image

හම්බන්තොට – තිස්ස ප්‍රධාන මාර්ගයේ බදගිරිය ප්‍රදේශයේ සිදුකළ හදිසි මුර සංචාරයකදී ගංජා, හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මෙම මුර සංචාරය ඊයේ දිනයේදි සිදුකරනු ලැබුවා. එහිදී ගංජා මිලිග්‍රෑම් 3000ක් සමඟ 28 හැවිරිදි පුද්ගලයෙකු ද ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් මත 32 හැවිරිදි පුද්ගලයෙකු ගංජා මිලිග්‍රෑම් […]


Dec
27

මියගිය පසු ඔබේ අන්තර්ජාල බූදලයට සිදු වන දේ?

Generic placeholder image

ඩිජිටල් යුගයේ’ දිවි ගෙවන බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල දක්නට හැකිය. ඉතා වටිනා ඡායාරූප, වීඩියෝ සහ ලිපි දිනකට මිලියන ගණනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ. නමුත්, මියගිය පසු ඔබේ ‘අන්තර්ජාල බූදලය’ උරුම වන්නේ කාහට ද? යමෙකු සිය දිවි ගමන තුළ එක්රැස් කරගත් සිහිවටන මෙන්ම සිතට නැගුණු හැඟීම් […]


Dec
27

ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

රික්ටර් පරිමාණ 5.1ක ප්‍රබල භූ කම්පනයක් ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ මෙම ප්‍රබල භූ කම්පනය සිදු වී ඇති අතර මේ හේතුවෙන් මෙම න්‍යෂ්ටික බලාගාරය සිදු වී ඇති හානිය පිලිබදව විදෙස් වාර්තා සදහන් කර නැහැ. කෙසේ වෙතත් මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 38ක් ගැඹුරින් සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.


Dec
27

නව වසරට නව දුම්රිය අටක් ජනතා ගමනට

Generic placeholder image

ලබන වසරේදී අලුතින් ධාවනය සදහා දුම්රිය අටක් එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දුම්රිය මගීන්ට වඩා කාර්යක්ෂම දුම්රිය සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් ටිකට්පත් ලබාදීම කඩිනම් කිරීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදෙන බවත්, දුම්රිය කාලසටහන් සදහා විද්‍යුත් නාම පුවරු ලබා දෙන බවටත් වැඩි දුරටත් වාර්තා වෙනවා.


Dec
27

සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා එළඹෙන ජනවාරි මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. අද පෙරවරු 9.50ට පමණ නඩුවට පෙනී සිටීම සඳහා සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර […]


Dec
27

කසකස්ථානයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 14 ක් මරුට – 60 දෙනෙකුට තුවාල

Generic placeholder image

කසකස්ථානයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා. කුඩා ළමුන්ද ඇතුලු තුවාල ලැබූ 60 කට ආසන්න පිරිසක් රෝහල්ගත කර ඇති බව එරට වාර්තා සඳහන් කළා. ඛෙක් එයාර් නම් ගුවන් සමාගමට අයත් යානයක් අල්මාටි සිට නූර් සුල්තාන් දක්වා ගමන් කරමින් සිටියදී අද පෙරවරුවේ කඩා වැටුණේ ගුවන් ගතවී විනාඩි කිහිපයකින් පසුවයි. අනතුරට […]


Dec
27

අලුත උපන් බිළිඳකු කැලෑවක දමා ගිය මව පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

තම අලුත උපන් දරුවා නිවස අසල කැලෑ ප්‍රදේශයක දමා ගිය බව කියන කාන්තාවක් හම්බෙගමුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 36 හැවිරිදි තිදරු මවකි. හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ කැලෑ රොදක බිළිදෙකු හඩන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ රාත්‍රි කළ දැනුම්දීමක් අනුව අද උදෑසන් හම්බෙගමුව පොලිසියේ නිලධාරින් විසින් දරුවා සොයාගෙන තිබෙනවා. මව […]


Dec
27

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට

Generic placeholder image

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නීතිඥයන් ඒ බව තහවුරු කරමින් කියා සිටියේ රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මෙලෙස මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනුණු බවයි. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ […]


Dec
27

පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාවහන් වව්චර් ජනවාරි මුල් සතියේ

Generic placeholder image

පාසල් දරුවන්ට ජනවාරි මස 03වනදා වන විට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර් පත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව විවෘත වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබා ගැනීමට ඒ හරහා දරුවන්ට හැකියාව ලැබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් […]


Dec
27

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිත්වය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රමට

Generic placeholder image

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාගන්නා ලද අතර වෘත්තියෙන් නීතිඥවරියක වන සාගලා අභයවික්‍රම මහත්මිය මහනුවර ප්‍රදේශයෙන් නීතිඥ වෘත්තීයට පිවිස වසර 17 ක පමණ කාලයක් පුරා අපරාධ […]


News Articles
Latest Videos
Most Popular Post