ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් එයාර් වේස් සමඟ එක්ව යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් ගමනාන්ත 18ක් තම ගුවන් ගමන් ජාලයට එක් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 127ක් දක්වා ව්‍යාප්ත වන බව සදහන්. කටාර් එයාර් වේස් මේ වනවිට ලොවපුරා ගමනාන්ත 160කට වැඩි සංඛ්‍යාවක් වෙත සිය […]
අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් ලක්ෂයකට ලබන ජනවාරි 15 වනදාට පෙර රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. ස්වයං රැකියා සදහා ප්රාග්ධනය නොමැති, වගා කිරීමට ඉඩම් නොමැති හෝ සමෘද්ධිලාභීන් වැනි කණ්ඩායම්වලින් මේ සදහා සුදුස්සන් තෝරා ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා. මෙම රැකියා සදහා අධ්‍යාපන සුදුසුකම් විශේෂයෙන් සලකා නොබලන බවද එමෙන්ම උසස් පෙළ සමතුන්ට මෙම […]
අඩුපහසුකම් සහිත දරුවන් වෙනුවෙන් පවත්වන ලද නත්තල් උත්සවයක් පිළිබඳව ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වනවා. ඒ සඳහා බොලිවුඩ් රංගන ශිල්පීන් පිරිසක්ද සහභාගිවී සිටීම විශේෂත්වයක්. ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙසෙන අඩුපහසුකම් සහිත දරුවන් වෙනුවෙන් විශේෂ නත්තල් සැරසිලි කිහිපයක් ඉදිකර ඇති අතර එම සැරසිලි නිරාවරණ කිරීමේ උත්සවය පසුගියදා බොලිවුඩ් රංගන ශිල්පීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. අලංකාර සංගීත හා මුද්‍රා නාට්‍ය […]
සුපිරි මෝටර් ධාවනශූරී ඩිලන්ත මාලගමුව පසුගිය දිනක කළ නිහතමානි වැඩක් පිලිබද මේ දින වල කාගේත් අවධානයට යොමුව තිබෙනවා. කාලයක් පුරා අපවිත්‍රව තිබු පොදු ස්ථාන සිතුවමින් වර්ණවත් කිරිමට රටපුරා තරුණ තරුණියන් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර කඩුවෙල අධිවේගී පිවිසුමේ ඩිලන්ත මාලගමුවගේ රුව සිතුවම් කිරීමට මෙම තරුණ පිරිස සමත් වුණා. සුපිරි මෝටර් ධාවනශූරී ඩිලන්ත මාලගමුව මෙම […]
ශී‍්‍ර ලංකාවේ සංචාරය සදහා පැමිණි සංචාරකයින් පිරිසක් සිදුකළ අපූරු සිදුවීමක් පිලිබද මේ දිනවල සමාජ මාධ්‍ය කතා බහට ලක්ව තිබෙනවා. මේ දිනවල රට තුළ පුරන් කුඹුරු අස්වද්දීමේ කටයුත්ත ආරම්භ කර ඇති අතර දිවයිනට පැමිණි සංචාරක පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දීම සදහා උපකාර කරන අයුරුයි මේ.
ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා සදහන් කළ අතර බුද්ධි අංශ ප්රතිසංවිධාන කිරීමටද දැනටමත් පියවර ගෙන ඇති බව එතුමා පැවසුවා. රටේ සියළු දෙනාට උසස් ජිවන මට්ටමක් හිමි කර දීම අත්‍යවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා තවදුරටත් අදහස් […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ කාන්තාව රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම නියෝගය ඉදිරිපත් කළ බව සදහන්.
උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් හෙට (17) සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සදහන් කළා. ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00ට ගමන් අරඹන මෙම සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30ට මහනුවරට ළඟාවීමට නියමිතයි. පස්වරු 4.55ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30ට කොළඹ […]
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව ආවේ මරියා ශ්‍රවනාගාරයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වුණා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ මනුෂ්‍ය සමාජයේ ඇති වටිනාම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්,පාස්කු ප්‍රහාරයෙන් අසරණභාවයට පත්වූ දරුවන් වෙනුවෙන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය. මෙහිදී තවත් අදහස් දැක්වු කාදිනල් හිමියන් පවසා සිටියේ, දෙවියන් වහන්සේගේ […]
2023 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීමට රටවල් 5ක් මේවන විට කැමැත්ත පල කර තිබෙනවා. නමුත් පාපන්දු සම්මේලනය විසින් තවමත් නිශ්චිතවම සත්කාරකත්වය දරන රට පිළිබඳ නිවේදනය කර නැත. 2023 වසරේ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුලි 10 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේන නමුත් පසුගියදා නිවේදනයක් නිකුත් […]
හෙට(17) දිනයේ පැය 24 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතිත ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. පෑලියගොඩ ,වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසක, ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා(18) පෙරවරු 08.00 දක්වා කාලය තුළ ජල […]