ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා සදහන් කළ අතර බුද්ධි අංශ ප්‍රතිසංවිධාන කිරීමටද දැනටමත් පියවර ගෙන ඇති බව එතුමා පැවසුවා. රටේ සියළු දෙනාට උසස් ජිවන මට්ටමක් හිමි කර දීම අත්‍යවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා තවදුරටත් අදහස් […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ කාන්තාව රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම නියෝගය ඉදිරිපත් කළ බව සදහන්.
උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් හෙට (17) සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සදහන් කළා. ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00ට ගමන් අරඹන මෙම සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30ට මහනුවරට ළඟාවීමට නියමිතයි. පස්වරු 4.55ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30ට කොළඹ […]
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව ආවේ මරියා ශ්‍රවනාගාරයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වුණා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ මනුෂ්‍ය සමාජයේ ඇති වටිනාම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්,පාස්කු ප්‍රහාරයෙන් අසරණභාවයට පත්වූ දරුවන් වෙනුවෙන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය. මෙහිදී තවත් අදහස් දැක්වු කාදිනල් හිමියන් පවසා සිටියේ, දෙවියන් වහන්සේගේ […]
2023 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීමට රටවල් 5ක් මේවන විට කැමැත්ත පල කර තිබෙනවා. නමුත් පාපන්දු සම්මේලනය විසින් තවමත් නිශ්චිතවම සත්කාරකත්වය දරන රට පිළිබඳ නිවේදනය කර නැත. 2023 වසරේ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුලි 10 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේන නමුත් පසුගියදා නිවේදනයක් නිකුත් […]
හෙට(17) දිනයේ පැය 24 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතිත ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. පෑලියගොඩ ,වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසක, ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා(18) පෙරවරු 08.00 දක්වා කාලය තුළ ජල […]
2020 වසරේ ඔලිම්පික් උළෙල පවත්වන ක්‍රීඩාංගණය ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) විවෘත කෙරුනා. ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ජපානයේදීයි. 2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උලෙල ජුලි 24 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 යි දශම 44ක මුදලක් වැය කරමින් නව ක්‍රීඩාංගණයක් ජපානයේ ඉදිකිරීමට එරට රජය මීට මාස […]
අද(16) දිනයේ ස්විට්සර්ලන්ත තානාපති කර්යාල නිලධාරීනියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට දැනුම් දී තිබේ. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමති මෙම කාන්තාව පසුගිය ඉරිදා දිනයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියෝය. ඒ ඇය පැහැර ගැනීමට ලක්වු බවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළවයි. අවස්ථා කිහිපයකදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර අවසන් […]
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද(16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා මෙම සිද්ධියට අදාළව පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. සැකකරුවන් අද අධිකරණය […]
කටාන – දිසාගෙවත්ත ප්‍රදේශයේ රබර් සහ කොහු මිශ්‍ර කර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා මේ වනවිටත් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ඇති බව සදහන්. මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා කොහු තොගයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here