දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) බම්බලපිටිය ප්‍රදේශයේ අධික වාහන තදබදයක් පවතින බැවින් රියදුරන්ට හැකිතාක් ඩුප්ලිකේෂන් මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සිදුකරනු ලබන ඉදිකිරීමක් හේතුවෙන් බම්බලපිටිය ප්‍රදේශයේ දී මුහුදුබඩ මාර්ගයේ මෙම වාහන තදබදය ඇතිව තිබෙන බව සදහන්.
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණූ 65 ක ජයක් ලබා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදියි. ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණූ 244 යි. නවසීලන්තය කඩුලු 6 කට ලකුණූ 431 ක් ලබා සිය දෙවන ඉණිම අත්හිටවුවා. ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉණිමේදී ලකුණූ 122 කට දැවී […]
කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වන විට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පයාගල, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් […]
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 19 දෙනා ලබන මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මස 31 වනදා මෙම සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් පසුගිය […]
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමෙන්තුව කියා සිටියා. උතුර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල […]
වසර 38ක් සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. අද(26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ තැනැත්තන් වන අතර මොවුන් දෙදෙනාත් ඊට අමතරව ඉකුත් දා සිරදඬුවම් නියම වූ කංජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත දැඩි ආරක්ෂාව යටතේ ඒවා තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති […]
අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර තරගයේ එක්දින අවසන් මහා තරගයේදී මෙන් විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර දීමට සමත් වුණා. තරගයේ් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්රලියාව ලකුණු 179 ක් රැස් කළ අතර එංගලන්ත පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 67 ක් පමණයි. ඕස්ටේ්රලියාව දෙවන […]
නාසා ගගනගාමියෙකු අභ්‍යවකාශයේ සිට බැංකු ගිණුම හැක් කල බවට චෝදනා ලැබ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගගන ගාමියෙකුට අයෙත් බැංකු ගිණුමකට නුසුදුසු ආකාරයෙන් ප්‍රවේශ වූ බවට චෝදනාවක් මෙලෙස නාසා ආයතනය විමර්ශනය කරන බව වාර්තා වෙනවා. මේ වසර මුලදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 203 ක් අභ්‍යවකාශයේ ගත කළ නාසා ගගනගාමී මැක්ලේන්, අනන්‍යතා සොරකම් […]
පෘථිවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි ශුද්ධෝත්තම පළමු වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ වතිකානුවේ සාන්ත පීතර චතුරස්රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින්ය. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ සමස්ථ ප්‍රජාවගේම යහපැවත්ම උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවත් […]
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේදී පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ සතිය තුලදී ජනපති අපේක්ෂකයා රට හමුවේ අනාවරණ කිරීමයි මෙහි අරමුණ වන්නේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ එමෙන්ම එක් පක්ෂයකට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු කටයුත්තක් බවත්, […]
දිවයිනේ බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව , දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, […]