News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
13

පාකිස්තානයේ ක්‍රිකට් ගහනවද? නැද්ද? අවසන් තීන්දුවට තව සති 02යි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවත් සති 02ක් ඇතුළත ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙහිදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස සකසන ලද වාර්තාව මීළඟ විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන ඔක්තෝබර් මස තරගාවලිය පැවැත්වීමට දින නියම කරගෙන […]


Aug
13

ජවිපෙ ගෙන්න හදන ජනපති අපේක්ෂකයා ගැන විජිතගෙන් ඉගියක්

Generic placeholder image

ජවිපෙ ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ජනපති අපේක්ෂකයා තේරීම ජාතික ජන බල වේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කරන බවත් අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද […]


Aug
13

ව්‍යාජ ඇමතුමක් හේතුවෙන් දීල්ලි ගුවන් තොටුපල පැයක් වැසෙයි

Generic placeholder image

බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතු පැයකට අධික කාලයක් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ කිසියම් පුද්ගලයෙකු ඊයේ (12) රාති‍්‍රයේ ගුවන් තොටුපොලෙහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවත් ඒ අනුව ආරක්‍ෂක අංශ පර්යන්තයේ සිටි සියලූ මගීන් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන […]


Aug
13

ඔලිම්පික් කී‍්‍රඩා උළෙලටත් ක්‍රිකට් ඇතුලත්වන ලකුණු

Generic placeholder image

2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද පැවසෙනවා. එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසන්නේ කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම මෙමගින් අපේක්‍ෂා කරන බවත් ඒ තුලින් ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත […]


Aug
13

සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නවත්වන්න මැතිවරණ කොමිසම සැරසේ

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. විශේෂයෙන්ම ෆේස්බුක් හිමිකරුවන් , තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසු ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


Aug
13

මහා සංඝරත්නයෙන් ජනපති අපේක්ෂක ගෝඨාභයට අනුශාසනා

Generic placeholder image

පෞද්ගලික අභිමතාර්ථ නොව මාතෘ භූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍ය බව මහා සංඝරත්නය පවසනවා. රටේ අනාගත නායකත්වය අපේක්‍ෂා කරන ගෝඨාභය රාජපක්‍ෂ අපේ රට රැක ගැනීමට ප‍්‍රමුඛතාව දිය යුතුව ඇති බවට මහා සංඝරත්නය පවසනවා. පෞද්ගලික අභිමතාර්ථවලට නොව මාතෘ භූමිය ඉදිරියට ගෙන යෑම සදහා අවශ්‍ය නායකත්වයක් රටට අත්‍යවශ්‍ය බවයි ඊයේ (12) පස්වරුවේ රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ […]


Aug
13

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වන ලකුණු

Generic placeholder image

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මෙම මිල සුත්‍ර කමිටුව සෑම මසකම 10 වෙනිදා රැස්වෙන අතර මෙම මස අද දිනයේ රැස්වීමට නියමිතව ඇත. ඊට හේතු වී ඇත්තේ පසුගිය 10 වනදා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස නොවන බවට මුදල් අමාත්‍යාංශය සඳහන් කිරීමත් එමෙන්ම ඊයේ දිනයද රජයේ නිවාඩු දිනයක් […]


Aug
13

ජනපති අපේක්ෂක ගෝඨාභය අද අනුරපුරයේ විශේෂ ආගමික වැඩසටහනක

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වෙන බව වාර්තා වෙනවා. එමෙන්ම අනතුරුව මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු ආගමික ස්ථාන වැදපුදා ගැනිමට නියමිත බවද පැවසෙනවා.


Aug
13

දිවයිනට තද වැසි හා සුළං

Generic placeholder image

දිවයිනේ පුරා වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, වැඩි විය හැකි බව වාර්තා වෙනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ […]


Aug
12

සුවඳ විලවුන් ගැල්වීමේ වාසි පිළිබඳ මනෝ විද්‍යාවෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

බොහෝ දෙනෙක් සුවඳ විලවුන් ගල්වන්නේ සිරුර සුවඳවත් කරගැනීම සදහා පමණයි. නමුත් සුවඳ විලවුන් ගැල්වීමේ ප්‍රයෝජන තිබෙන අතර එය මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය හරහා විස්තර කර තිබෙන ආකාරය පිලිබද අපි ඔබව දැනුවත් කරන්න කැමතියි. 1 සුවඳ සහ මතකය අතර සුවිශේෂී සම්බන්ධයක් පවතිනවා අපට කුඩා කාලයේදී අපේ මිත්තණිය විසින් සකසා දෙන ලද ආහාර වල සුවඳ තවමත් මතකයි. ඔබ […]


Aug
12

මහින්ද සහ ගෝඨාභය රුවන්වැලි මහා සෑරදුන්ගෙන් ආශිර්වාද ලබා ගනියි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අතිවිශාල ජනතාවක් අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස ආගමික වතාවත්වල නිරත වී අද (12) ආශිර්වාද ලබා ගත්තා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ද සහභාගි වී තිබෙනවා. ඡායාරූප පහතින්


Aug
12

සිංගප්පූරුවේ ඇත්දළ ආශ‍්‍රිත නිෂ්පාදන විකිණීම තහනම් කරයි

Generic placeholder image

2021 වසරේ සිට ඇත්දළ සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන රට තුළ අලෙවි කිරිම තහනම් කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබෙනවා. නීතිවිරෝධි වන ජීවි වෙළඳාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු රජය සඳහන් කළේ. වසර 02ක පමණ කාලයක සිට ඇත්දළ හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවිකරුවන් රාජ්‍ය නොවන කණ්ඩායම් හා මහජනතාව අතර පැවති සාකච්ඡා […]


News Articles
Latest Videos
Most Popular Post