මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණු අතර රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළා. එමෙන්ම ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකළා.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. එමෙන්ම මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිත වෙනවා.
දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන්. […]
හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සතු සංචාරක බංගලාවක් අද (08) පස්වරුවේ හටගත් ගින්නකින් විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කළා. දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ආ බවයි පොලිසිය සඳහන් කළේ. සංචාරක බංගලාව ගිනි ගන්නා අවස්ථාවේ එහි […]
ක්‍රිකට් පුහුණුකාර ධූරය පිළිබදව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. හතුරුසිංහ මහතා පුහුණුකාර ධූරයට පත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී මෙලෙස පැහැදිලි කලා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී […]
මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය නියත වශයෙන් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. සෑම විටම ප්රජාතන්ත්රවාදී රාමුව තුල නව රටක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ […]
අධික වේගයෙන් ගමන් ගන්නා බස් රථ පිළිබඳ 1955 දුරකථන අංකයට ජනතාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. අදාළ වරද සිදු කරන බස් රථ රියදුරුගේ සේවය මාස 03කට අත්හිටුවිය හැකි බවත්, කොමිසමට ලැබෙන පැමිණිලි විභාග කරගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා කියා සිටියා. එමෙන්ම රියදුරන් දැනුවත් […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කරගෙන තිබෙන බව කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (8) ප්‍රකාශ කර සිටියා. ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂට දැඩි බියක් දැක්වුවද ඔහු දරුණු පාලකයකු නොවන බවත් අල්ලසට දූෂණයට එරෙහිව දැඩිව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ කළමනාකරණයෙහි ඉතාමත් දක්ෂයකු […]
ආර්ථික, වෙළඳ, සමාජීය වශයෙන් මෙන්ම බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජයේ නොරෝඩොම් සිහාමනී රජු පවසනවා. කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද පෙරවරුවේ පැවති හමුවේ දී කාම්බෝජ රජු මේ බව සඳහන් කර තිබෙනවා. කාම්බෝජ රජ මාළිගය වෙත ගිය ජනාධිපතිවරයා රජු විසින් […]
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පවත්වනු ලබන තුන් දින පුහුණු තරගය අද දවසේදී ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ සභාපතිවරයාගේ කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා. ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා ඉනිමට එක් කලා. එහිදි ප්‍රථම […]
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කළ නඩුවක් ලබන 28වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයාගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ දීමට කටයුතු කරන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව […]
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජාතිය ඇමතීමට නියමිතයි.ඒ, ඉන්දු – පකිස්ථානු අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ අරමුණින්.එහිදී ඔහු ජම්මු – කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කර එම ප්‍රදේශ දෙක මධ්‍යම රජයට අයත් බල ප්‍රදේශ දෙකක් බවට පත් කිරීමට හේතු පැහැදිලි කරනු ඇති බව සදහන්. ඉන්දියාව, ජම්මු කාශ්මීර පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සමීපව […]