මේ වන විට රටේ පවතින ප්‍රධානතම ගැටළුව බවට පත් වී ඇත්තේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධයයි. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ මේ වන විට ඇති වී තිබෙන අධික නියඟය හේතුවෙනි. මෙම ගැටළුව අද විසඳීමකට ලක් වූවද දීර්ඝ කාලයක් මෙම ප්‍රශ්නය නැවත ඇති නොවී සාර්ථක විසඳුමක් ලබා ගන්නා තුරු ජාතික හැඟීමෙන් යුතුව අරපිරිමැස්මෙන් […]
ඊයේ (09) කැබිනට් මණ්ඩල රැස්වීම පවැත්වුණා. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීම ගත් තීරණ සියලුම පහතින් දැක්වේ.
සිව් නිවුන් දරුවන් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කර තිබෙනවා. මෙසේ සිව් නිවුන් දරුවන් ලැබී තෙබෙන මව අයේෂා දිල්හානි මහත්මියයි. ඇය ගුවන් හමුදා සෙබළියක්. ජනාධිපතිතුමා විසින් මෙම දරුවන් හදා වඩා ගැනීම සඳහා එක දරුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් දරුවන් සිව් දෙනා වෙනුවෙන් රුපියල් මිලියන 2ක් ලබා දී තිබෙනවා.
ඊශ්‍රායල මහ මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙතන්නියාහු හා ඛෙනී ගාන්ට්ස් තරගාකාරී ප්‍රතිඵල ලබා ගැනීම හේතුවෙන්. ඊයේ පැවැත්වුණු ඊශ්‍රායල මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව දෙපාර්ශවයම සමාන්තර ජන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවයි විදෙස් පුවත් වාර්තා කලේ. කෙසේ වෙතත් […]
උත්සව සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාරද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සෙයා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කලේ සියලුම ආහාර පරිහරණ හා නිශ්පාදන ආයතන මේ යටතේ පරීක්ෂා කරන බවයි. පිටකොටුව ප්‍රදේශයේ ඊයේ සිදු කල වැටලීම් වෙළෙඳසැල් 23 කට එරෙහිව නඩු පවරා තිබෙනවා. කොළඹ මහ නගර සභාව විසින් මෙලෙස පරීක්ෂාවට ලක් […]
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු සතුව තිබී සයිනයිට් කුප්පි 2ක් සහ එන්නත් කරන සිලින්ජර 2ක් සොයා ගැනීමේ සිද්ධිය සම්භන්ධයෙන් පුලූල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශන සිදු කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්වයි. රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු සතුව සයිනයිට් කුප්පි ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. එම පොලිස් කොට්ඨාසයෙන් කල […]
දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සදහන් කලේ ඊයේ පස්වරුවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි. මාසයක් ඇතුළත වැටුප් ගැටලූවට විසදුම් ලබා දෙන බව අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී […]
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද දින ප.ව. 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්උ සස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වේ.
විදුලි කප්පාදුව අදින් අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සදහන් කලේ අද රාත්‍රියෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි. පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කළා.ම්වියළි කාලගුණික තත්වයක් මත ජල විදුලි බලාගාර අවට ජලාශ වල ජල මට්ටම අඩු වීම […]
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවට වාර්තා වනවා. ඒ ලෝක වෙළද පොලේ ඉන්ධන මිළ ගණන් වෙනස් නොවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වා දුන්නා. එම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදු වන්නේ සෑම […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන තුන් වන වටයේ සාකච්ඡා අද පැවැත්වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි. සාකච්ඡාව සදහා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නියෝජිතයින් සහභාගී වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් […]
අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගිතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. දේහය අද පෙරවරුවේ ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. දේහය මේවන විට තැන්පත්කර ඇත්තේ බොරැල්ල මල් ශාලාවේ යි. එච්.එම් ජයවර්ධන මහතා ප්‍රවීණ […]