News Line| Off Air
Generic placeholder image

Mar
19

ජොන්ස්ටන්ට එරෙහිව නඩු 4 ක් ඉල්ලා අස් කර ගනී

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අධිකරණයේ ගොණුකළ නඩු 4 ක් අල්ලස් කොමිසම විසින් අද ඉල්ලා අස්කර ගත්තා. මෙම නඩු ගොණුකර තිබුණේ වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්. මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම නඩුවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් […]


Mar
19

දිවයිනට කැඳවූ හතුරුසිංහ සමග සාකච්ඡාව සූදානම්

Generic placeholder image

ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන් අතර සාකච්ඡාව හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්දින තරගාවලියෙන් ලද පරාජයෙන් පසු චන්දික හතුරුසිංහ වහාම දිවයිනට කැදවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා. ඒ අනුව ඔහු ඊයේ (18) දිනයේ දකුණු අපි‍්‍රකාවේ සිට දිවයිනට පැමිණ තිබෙනවා. හෙට පැවැත්වෙන සාකච්ජාවේදී ඉදිරි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ […]


Mar
19

තාජුඩීන් ගැන මහින්ද කියයි

Generic placeholder image

මතභේදයට තුඩු දී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ගැන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අදහස් දැක්වීය. ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක් බවත් ඔහු පවසයි. එවැනි වේගයකින් ධාවනය වන වාහනයක සිදුවන අනතුරකින් බේරීමට හැකියාවක් ඇත්තේ විශ්වකර්මයෙකුට හෝ නයිට් රයිඩර්ට බවයි. “කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා […]


Mar
19

ජිවත් වෙන්න ආදායම ලක්ෂ 5ක් නැතුව බෑ – දයා ගමගේ කියයි

Generic placeholder image

මේ වනවිට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පවසනවා. ඒ ඊයේ දිනයේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ ‘ලෝක සමාජ වැඩ දිනය’ සැමරීමේ උත්සවය අමතමින්. ”සමෘද්ධිය තුළින් මම බලාපොරොත්තු […]


Mar
19

කණ්ඩායම එකමුතු කිරීමට ලෝක කුසලාන නායකත්වයට දිමුත්ට වැඩි කැමැත්තක්

Generic placeholder image

මෙවර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගවාරය අතහැර දමා අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ලෙස ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට කි‍්‍රකට් තේරීම් කමිටුව දන්වා තිබෙනවා. ඒ අනුව හැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් දිමුත්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනුයේ නැහැ. ලෝක කුසලාන තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.වත්මන් එක්දින නායකයා ලෙස කටයුතු […]


Mar
18

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට පොලිසියේ 7 ක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

ගාල්ල රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ වලස්මුල්ල රක්ෂිතය භාර අඩවි වන නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර […]


Mar
18

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක්වෙනවා

Generic placeholder image

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක් සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. 96 ලෝක කුසලාන තරගාවලි ජයගැනීමෙන් […]


Mar
18

නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූ පාසල් දැරියගේ කතාව

Generic placeholder image

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ගියෙටා තුන්බර්ග් (Greta Thunberg) නම් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම ද යෝජනා වී තිබේ. ඇය මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණ විපර්යාසයට (Climate change) එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම වෙනුවෙනි. ඇය ඒ සඳහා යෝජනා කර ඇත්තේ නොර්වේ රාජ්‍යයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසිනි. ඇය ජයග්‍රහණය කළහොත් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් […]


Mar
18

නෞකා සමාගම්වල සියයට 60ක හිමිකාරීත්වයට විදේශිකයන්ට අවස්ථාව

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්‍ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත ලිහිල්කරණය යටතේ පළමු අදියර ලෙස මෙය සිදු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා යුරෝපා සංගමයේ තානාපති ටුන් […]


Mar
18

රන්ජන්ගේ කොකේන් පරික්ෂණ අභියෝගයට ගම්මන්පිලගෙන් පිළිතුරු

Generic placeholder image

පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රිවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඵල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොකෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන්  වර්ගවත් අපි භාවිතා නොකරන නිසයි යනුවෙන් පා.ම උදය ගම්මන්පිල මහතා පැවසිය. අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු […]


Mar
18

අලුගෝසුවන් බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Generic placeholder image

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. එම තනතුර සඳහා පුද්ගලයින් එකසිය දෙදෙනෙකු (102) අයදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් හැත්තෑ  නව දෙනෙකු (79) එකී සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවන බවද, එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් […]


Mar
18

ලෝකයේ වයස්ගතම පුද්ගලයා

Generic placeholder image

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස ජපානයේ කානේටනාකා ගිනස් වාර්තා පොතට ඇතුළු වී තිබෙනවා. 1903 වසරේ ජනවාරි දෙවනදා උපත ලැබූ ටනාකා 116 වන වියේ පසුවනවා. ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස තේරී පත්වූ ගිනස්වාර්තා සටහන ඇයට ලබා දුන්නා. සෑම දිනකම උදෑසනින් අවධිවන ඇය ගෙවන සෞඛ්‍ය සම්පන්න ජීවිතය හේතුවෙන් මෙතක් කල් තමන්ට ජීවත්වීමට හැකිවූ බවයි ටනාකා පවසන්නේ. ඇගේ වයසට සාපේක්ෂව […]


News Articles
Latest Videos
Most Popular Post