News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

“ගාලු කථිකාව” ලබන 22 දා.

Generic placeholder image

ගාලූ කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය ලබන 22 වනදා කොළඹදී ආරම්භ වීමට නියමිතයි. ‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම යන්න මෙවර සම්මන්ත‍්‍රණයේ තේමාවයි. මෙවර සම්මන්ත‍්‍රණය සඳහා රටවල් 50 ක විදේශ නියෝජිතයින් සහ සාගරික කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන දේශීය නියෝජිතයින් විශාල ප‍්‍රමාණයක් සහභාගි වනු ඇති. විවිධ රටවල නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක මෙන්ම සාගරික සංවිධානයන්වල වෘත්තිකයින් […]


Oct
16

මුතුරාජවෙල ගොඩකිරීමක් ගැන සංවිධාන චෝදනාවක්

Generic placeholder image

මුතුරාජවෙල අභය භූමිය පමුණුව බෝපිටිය ප‍්‍රදේශයෙන් ගොඩකිරීමට පෞද්ගලික සමාගමක් මගින් කටයුතු ආරම්භ කර ඇති බවට මුතුරාජවෙල පරිසර සුරකින්නන්ගේ සංගමය චෝදනා කරනවා. එහි කැදවුම්කරු ජයන්ත විජේසිංහ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා නොතකමින් එම සමාගම අදාළ ගොඩකිරීමේ කටයුතු සිදු කරන බවයි. පිවිසුම් මාර්ගයක් යයි පවසමින් සිදු කරන ඉඩම් ගොඩකිරීම තුලින් මුතුරාජවෙල අභය භූමිය […]


Oct
16

අද සිට වැසි වැඩි වෙයි

Generic placeholder image

අද සිට යලි වැසි වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම ඌව සබරගමුව උතුරුමැද බස්නාහිර සහ වයඹ පළාත් වලත් මන්නාරම දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වනවා. වැසි සමග ඇති වන අකුණු අනතුරු […]


Oct
16

ශ්‍රීලනිපය අද රැස්වෙයි

Generic placeholder image

කැබිනට් මණ්ඩලය අද රැස් වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී යි. භාරකාර ආණ්ඩුව ඇතුලු වත්මන් දේශපාලන තත්වය සහ ආර්ථික තත්වය සම්බන්ධයෙන් වන කරුණු රැසක් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැුස්වීමක් ද පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. රාත‍්‍රී 7.00ට එය […]


Oct
16

නොවැම්බර් ඉඳන් විදුලියටත් මිල සූත්‍රයක්

Generic placeholder image

ලබන නොවැම්බර් මස 10 වනදා වන විට විදුලි බිල සදහා ද මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. එහි ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹදී මාද්‍ය හමුවක් කැදවමින්. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.


Oct
15

ඇමෙරිකාවේ තර්ජන වලට මුහුණ දෙන්න සූදානම් – සෞදි අරාබිය

Generic placeholder image

මාධ්‍යවේදී ජමාල් කගෝෂි අතුරුදන්වීමේ සිද්ධිය පාදක කර ගනිමින් එල්ල වන ඕනෑම දේශපාලන සහ ආර්ථික තර්ජනයකට මුහුණදීමට තම රට සූදානම් බව සෞදි අරාබි රජය පවසනවා.නම හෙළි නොකළ එරට රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණේ් එවැනි ඕනෑම තර්ජනයකට ප‍්‍රතිචාර දැක්වීමට ද තම රට සූදානම් බවයි. සෞදි අරාබියෙන් මෙම ස්ථාවරය ප‍්‍රකාශ වුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඕ […]


Oct
15

මහින්ද නැත්නම් ගෝඨාභය

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හැර ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා […]


Oct
15

මිලියන 24 ක හෙරොයින් සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් සමග ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 02 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24 කට අධිකයි.


Oct
15

දෙහිඅත්තකණ්ඩිය රිය අනතුරින් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට

Generic placeholder image

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් පිරිමි දරුවා ද මියගොස් තිබෙනව. පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළ ඔහුගේ මව ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි. දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර ප‍්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදීයි. අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ප‍්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් යතුරුපැදියේ ගමන් […]


Oct
15

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Generic placeholder image

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට ඉහළ ප‍්‍රදේශය මේ වනවිට අඩි 10 ක් පමණ ගිලා බැසීමට ලක්ව තිබෙනවා. නායයෑම හේතුවෙන් ඒ අවට නිවාස 05 ක් ද කාසල්රි ජලාශයට කඩා වැටීමේ අවදානමක් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සදහන් කළේ. මේ වනවිට හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනානමනය නෝර්වුඞ් ප‍්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම නතර කිරිමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. […]


Oct
13

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු නොලබාම දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගායේදීයි. මෙම තරගයේදී ආරම්භක පිතිකරු උපුල් තරංග තවත් ලකුණු 64ක් […]


Oct
12

බස් රථ දෙකක් ගැටී 50 ක් රෝහලේ

Generic placeholder image

අද (12) දහවල් 12.00 ට පමණ පුද්ගලික බස් රථයක් ලංගම බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටී ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර පොලිස් වසමේ හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ ආසන්නයේදී මාතර සිට අම්පාර බලා ධාවය වූ පුද්ගලික බස් රථයකි. අනතුරට ලක් වූ අනෙක් ලංගම බස් රථය දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ බස් […]


News Articles
Latest Videos
Most Popular Post