News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

පොහොට්ටුව ජනපතිගේ ආරාධනයක් බලාපොරොත්තුවෙන්

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව තම කණ්ඩායම අතර සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත් බවයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සදහන් කලේ. […]


Oct
12

ලංකාවට කරදර කළ ටිට්ලි ඉන්දියාවේ 8 ක් බිලිගනී.

Generic placeholder image

ටිට්ලි සුලි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සුලි කුණාටුව අන්ද්‍රා හා ඔරිස්සා ප‍්‍රාන්ත වලට ඇතුලු වී තිබුනේ පැයට කිලෝ මීටර 150 ක වේගයෙන්. ඉන් අන්ද්‍රා ප‍්‍රාන්තයට බලපෑම් එල්ල වී තිබෙනවා. එම ප‍්‍රාන්තයේ නිවාස ලක්ෂ 05 ක පමණ විදුලි සැපයුම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ ගස් හා විදුලි කණු කඩා […]


Oct
12

ලංකාවට තවත් පැරා පදක්කමක්

Generic placeholder image

ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේ දී ශ‍්‍රී ලංකාවට සිව් වන පදකක්මත් හිමිව තිබෙනවා. ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්. ප‍්‍රබල ඉන්දියානු ක‍්‍රීඩකයින් පරාජය කරමින් දිනේෂ් ප‍්‍රියන්ත මෙම ජයග‍්‍රහණය ලබා ගත්තෙ මීටර් 61.84ක දක්ෂතාවයක් වාර්තා කරමින්. පිරිමි යගුලිය දැමීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ පාලිත බණ්ඩාර ද රිදී පදක්කමක් දිනා ගත්තා. එහි දී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 13.21 ක්. […]


Oct
12

අලුත් අගවිනිසුරු තීරණය කරන්න ව්‍යවස්ථා සභාව රැස්වෙයි

Generic placeholder image

නව අගවිනිසුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්වනවා. අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතාගේ නිළ කාලය අදින් අවසන් වනු ඇතී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් තුන් දෙනා සදහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුනා. ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් තුන් දෙනා සදහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුනා. […]


Oct
11

බත්තරමුල්ලේ ගින්න නිවන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් සහය

Generic placeholder image

බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පැවති නිමි ඇදුම් වෙලද සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා කෝට්ට නගර සභාවේ සහ කඩුවෙල නගර සභාවේ ගිනි නීවීමේ ඒකක කටයුතු කරමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවර්ණය වී නැහැ. ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහයත් ලබාගෙන ඇත.   https://www.facebook.com/nilusha.fernando.73/videos/1849888935089381/


Oct
11

මාස 9 ට 38 ක් කටපුංචාට බිලි

Generic placeholder image

මේ අවුරුද්දෙ ගත වෙච්ච මාස නවය ඇතුළත වෙඩි තබා මරා දැම්ම පුද්ගලයින්ගෙ ගණන 38 ක් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියනවා.මේ ඝාතන වලින් 33ක්ම මේ වෙනකොට විසඳලා අවසන් කියලා තමයි ඒ මහතා කිව්වෙ. ඒ වගේම මේ වෙනකොට විදේශ ගත වෙලා ඉන්න පාතාල සාමාජිකයින් ගොඩ දෙනෙක්ගෙ මේ රටේ ඉන්න ආධාරකරුවන් සීයට හැත්ත පහක් විතර […]


Oct
11

මයිකල් ෆ්ලොරිඩාවට කඩා වදී

Generic placeholder image

මයිකල් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. පැයට කිලෝමීටර 200 ක පමණ වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි ඇමරිකානු කාලගුණ බලධාරීන් සදහන් කලේ. මේ සමග ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට දැඩි වර්ෂාවක් ද බලපා තිබෙනවා. පවතින තත්වය යටතේ එම ප‍්‍රාන්තයේ පාසල් හා රජයයේ ආයතය මෙම සතිය තුලදී වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. මෙම සුළි කුණාටු තත්වයෙන් […]


Oct
11

හිටපු ඇමතිලා 19 කට මරණ දඬුවම

Generic placeholder image

බංගලාදේශයේ හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරට අධිකරණයක් මරණ දඩුයම නියම කර තිබෙනවා. 2004 දී දේශපාලන රැළියකට ග්‍රෙනේඞ් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම මොවුන්ට එරෙහි චෝදනාවයි. අදාළ චෝදනාවට වැරදිකරුවන් වූ තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කලා. මරණ දඬුවම් නියම වූවන් අතර බංගලාදේශයේ හිටපු රාජ්‍ය කටයුතු භාර ඇමතිවරයා ද වනවා. එමෙන්ම තවත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් […]


Oct
11

නාමල් කුමාරගෙන් අද තවත් හෙළිදරව්වක්

Generic placeholder image

ත‍්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වන තවත් හෙලිදරව්වක් සදහා දූෂණ විරෝදි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනීමට නියමිතයි. ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ ඊට අදාල හඩපට 20 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි. ඒ අතර ප‍්‍රබල දේශපාලඥයෙකුගේ හඩපටයක්ද අන්තර්ගත වන බව ඔහු සදහන් කලා. නාමල් කුමාර […]


Oct
11

අලි හැපෙනවට එරෙහිව දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට?

Generic placeholder image

දුම්රියේ ගැටී වනඅලින් මියයාම වලක්වා ගැනීම සදහා රජය විසින් කඩිනම් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ විසදුමක් ලබා නොදෙන්නේ නම් එම ප‍්‍රදේශ හරහා ඇති රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනයෙන් ඉවත්වී සිටීමටද පියවර ගන්නා බවයි. වසරේ ගතවූ […]


Oct
10

කාසියේ වාසිය ලංකාවට

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුනා. එහිදී ශ‍්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දීමටයි තීරණය කලේ. දිවා රාත‍්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලූ‍ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. දෙරට අතර එක්දින තරගාවලිය තරග 05 කින් සමන්විතයි. අන්තර්ජාතික එක්දින කණ්ඩායම් […]


Oct
10

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්

Generic placeholder image

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් හටගෙන තිබෙනවා. ඒ ගොඩගමදී දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්. මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ලේ සිට පැමිණි දුම්රියක්. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේ හේතුවෙන් අද උදෑසන කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය 03 ක් ප‍්‍රමාද වන බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් […]


News Articles
Latest Videos
Most Popular Post