News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ලිතුවේනියානු මුහුදේදී මගීන් 335 ක් රැගත් යාත්‍රාව අනතුරේ

Generic placeholder image

ලිතුවේනියානු ජාත්‍යන්තර මුහුදු තීරයෙදි අනතුරට ලක්වූ මගීන් 335කු රැගත් යාත‍්‍රාව යළි ගමන් ආරම්භ කර තිබෙනවා.ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ පැය 07 කට අධික කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු යාත‍්‍රාව යථා තත්වයට පත් කළ බවයි. යාත‍්‍රාවේ එන්ජිම තුල සිදු වු පිපිරිමක් හේතුවෙන් එය අනතුරට ලක්ව මුහුද මැද නතර වී තිබුණේ ඊයේ පස්වරුවේදීයි.අනතුරින් යාත‍්‍රාවේ සිටි මගීන්ට කිසිදු […]


Oct
3

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයට ජනාධිපතිගෙන් විවේචන

Generic placeholder image

පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප‍්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලාපය විවේචනය කළ ජනාධිපතිතුමා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් හේතුවෙන් වැඩි වශයෙන් අපවාදයට ලක්වන්නේ තමන් සහ අගමැතිවරයා බව ද සඳහන් කර තිබුණා. පොලිසියේ ඇතැමුන්ගේ විනය පිරිහී ඇති බව පැවසූ ජනාධිපතිතුමා එය වහා […]


Oct
3

යාපනයේ ආවා කල්ලිය මුලිනුපුටා දැමීමට පොළිසියේ මෙහෙයුම්

Generic placeholder image

යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලිය මුලිනුපුටා දැමීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේයි. පොලිසිය පැවසුවේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති බවයි.යාපනය කොට්ඨාසය තුළ පමණක් සිදු කළ මෙහෙයුම්වලින් පමණක් මේ වන විට සැකකරුවන් 35කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආවා කල්ලියේ සාමාජිකයින් භාවිත කරන බවට සැක […]


Oct
3

ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹට.

Generic placeholder image

ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ අධ්‍යාපන අමාත්‍යශය වෙත පැමිනීමට නියමිතයි.ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් සියත ප‍්‍රවෘත්තී වෙති කියා සිටියේ පත් වීම් ලබා දෙන ලෙස රජයට බල කිරීම සදහා එලෙස පැමිණෙන බවයි. අමාත්‍යංශ බලධාරීන් හමුවී විරෝධතා සංදේශයක් භාර දීමට නියමිත බවද උන්වහන්සේ සදහන් කලා.


Oct
3

පකිස්ථාන ආරක්ෂක ලේකම් අද දිවයිනට

Generic placeholder image

පකිස්ථාන ආරක්ෂක ලේකම් ලූතිනන් ජනරාල් අක‍්‍රම් උල් හක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.ඒ සිව් දින නිල සංචාරයක් සදහායි. එහීදී පකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛත කණ්ඩායම ශ‍්‍රී ලංකා – පකිස්ථාන සන්නද්ධ හමුදා වල ආරක්ෂක සංවාදයකට එක් වනු ඇතී.එමෙන්ම මෙරට ආරක්ෂක ලේකම්වරයා ද හමුවී දෙරටට බලපාන ආරක්ෂක කටයුතු සම්භන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා. කලාපීය සාමය, ආරක්ෂාව සහ […]


Oct
3

හිටපු ජනපතිගේ නමින් නීති විරෝධී වැඩ – පොළිසියට පැමිණිලි

Generic placeholder image

තම නමට සමාන නාමයක් ඇති වෙනත් පුද්ගලයකු තමාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් නීතිවිරෝධි කටයුතු වල නිරත වන බව රොහාන් වැලිවිට මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එම පුද්ගලයා විසින් කප්පම් ඉල්ලීම පොලීසිය ඇතුලූ රාජ්‍ය ආයතන වලට බලපෑම් කිරීම වැනි ක‍්‍රියාවල නිරත වන […]


Oct
3

සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට පත් වීමෙන් 34ක් මිය යයි

Generic placeholder image

මධ්‍යධරණී මුහුදේ බටහිර ප‍්‍රදේශයේ දී සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට ලක්වීමෙන් 34 දෙනකු මිය ගොස් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සරණාගත කාර්යාංශය පවසන්නේ දියෙහි ගිලෙමින් සිටි 26 දෙනකු බේරාගත් බවයි.මෙම සරණාගතයින් අප‍්‍රිකානු ජාතිකයින් බවයි වාර්තා වන්නේ මේ අතර ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර්හි මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 13 දෙනකු මියගොස් තිබෙනවා.තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති […]


Oct
3

තංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට

Generic placeholder image

තංගල්ල ප‍්‍රදේශයේ වාහන අලූත්වැඩියා ආයතන හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සහ තවත් සැකකරුවෙක්. ප‍්‍රධාන සැකකරු 49 හැවිරිදි රන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , අනෙක් සැකකරු 41 හැවිරිදි නෙටොල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී […]


Oct
3

කැකිරාවේ ඉන්ධන පිරවුම්හලකින් ලක්ෂ දහයක් කොල්ල කයි.

Generic placeholder image

කැකිරාව මරදන්කඩවල ප‍‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් රුපියල් දස ලක්ෂ විසි දෙදහසකට අධික මුදලක් ඊයේ කොල්ලකා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම මුදල් කොල්ල කා පලාගොස් තිබුණේ ඊයේ පස්වරුවේදීයි. අදාළ මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සේවකයකු කැකිරාව නගරයට රැුගෙන යමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුව තිබුණා. යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු මුදල් රැගෙන […]


Oct
2

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම අද කැබිනට් තීරණයෙන් පසුව

Generic placeholder image

පාසල් ජිවිතයේ අපි මුලින්ම මුහුණදෙන කඩයිම් විභාගය තමයි 5වසර ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ. මෙවර පොඩ්ඩො මුහුණ දීපු ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ගැන ආරංචියක් අපිට ලැබුණා. ආරංචිවල හැටියට ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ අද (02දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්න නියමිත බවත්  එම තීරණය අද දිනයේදී ගන්න නොහැකි වුවහොත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම […]


Sep
14

20 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය කල් යයි.

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණ මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ විසි වන සංශෝධන යෝජනාවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සදුදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ අදාළ යෝජනාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 12 ක් අද සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන් ගෙන් සමන්විතත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල […]


Sep
14

බඹර ප‍්‍රහාරයකින් මස්කෙලිය පාසල් සිසුන් පිරිසකට තුවාල.

Generic placeholder image

මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල විම හේතුවෙන් සිසු සිසුවියන් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ළමුන් අද දහවල් පාසල් විවේක කාලයේදි පිටියේ කී‍්‍රඩා කරමින් සිටියදී මෙම ප‍්‍රහාරයට ලක් වුණා. ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක්. තුවාල ලැබූ සිසු සිසුවියන් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බඹර […]


News Articles
Latest Videos
Most Popular Post