News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට පියවර.

Generic placeholder image

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම එහි අරමුණයි. නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත මෙම කමිටුව සකස් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ. වත්මන් කෙටුම්පතට අනුව මේ සඳහා පත් කරන සාමාජිකයින් ගණන 05 ක්.  ඊට අදාළ පනත් […]


Sep
14

ඉංගිරියේ ගෑස් කාන්දුවකින් පස් දෙනකු රෝහලට.

Generic placeholder image

ඉංගිරිය හොරකැටිය ප‍්‍රදේශයේ සිදු වූ ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයින් පස් දෙනකු රෝහල්ගත කර තිබෙනවා. මෙම ගෑස් කාන්දුව සිදුව තිබුනේ අද පෙරවරුවේ රබර් කර්මාන්ත ශාලාවකට රැගෙන ආ ගෑස් සිලින්ඩර අදාළ ලොරියෙන් ඉවත් කිරීමේ දීයි. එහිදී ස්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයින් 05 දෙනෙකු හොරණ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු […]


Sep
14

නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් වෙනුවෙන් වන්දි.

Generic placeholder image

ගාලූ මුහුදු තීරයේ ධීවර යාත‍්‍රාවක, නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් සිව්දෙනා වෙනුවෙන් වන්දි ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් යටතේ මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට නියමිතයි. ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී සිදු වූ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව […]


Sep
14

මුතුරාජවෙළ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශන.

Generic placeholder image

මුතුරාජවෙළ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට ආයතන කිහිපයක නියෝජතයින් ඇතුළත් බවයි එම අමාත්‍යාංශය සදහන් කලේ. දැවි තෙල් කාන්දුව පිළිබද වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දීම එම කමිටුවේ කාර්්‍යය වනවා. තෙල් කාන්දුව හේතුවෙන් උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වූ වෙරළ […]


Sep
13

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බෙලිඅත්ත ආසනයට නව සංවිධායකවරයෙක්.

Generic placeholder image

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ජනාධිපති කාර්යාලයේදීයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මුල්කිරිගල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා වශයෙන් පත් කළ එච්.ඩබ්. ගුණසේන මහතා ද අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය […]


Sep
13

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුලු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්.

Generic placeholder image

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ සැකකරුවන් තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද පෙරවරුවේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාදුන් නියෝගයට අනුවයි. මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛනවල ගැටලූ පවතින බැවින් ඒවා වැඩිදුර පරීක්ෂා කර හරස් ප‍්‍රශ්න විමසීම […]


Sep
13

අතුරුදන් ධීවරයින් සොයන්න විශේෂ කිමිදුම් කණ්ඩායමක්.

Generic placeholder image

ගාල්ල මුහුදේ අනතුරට ලක්වූ ධීවරයින් දෙදෙනා සෙවීම සදහා නාවික හමුදා විශේෂ කිමිදුම් කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සදහන් කළේ ඩෝරා යාත‍්‍රාවක් මගින් ද එම මුහුදු සීමාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි. බේරුවලින් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් ගාල්ලට බටහිර මුහුදේදී අනතුරට ලක්වුණේ පසුගිය 11 වනදායි. විශාල යාත‍්‍රාවක ගැටීමෙන් […]


Sep
13

මොහොමඩ් සිද්දික් ඇතුළු පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ.

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා. ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දීයි. 2003 වසරේ පෙබරවාරි මස 3 වනදා මහරගම ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 8.1 ළග තබාගෙන සිටි බවට චෝදනා කරමින් මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව […]


Sep
13

අගමැති රනිල් දකුණු කොරියානු විදේශ ඇමතිනිය හමුවෙයි.

Generic placeholder image

දකුණු කොරියාව සතු කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ අත්දැකීම් ආසියානු රටවල් සමග බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා පවසනවා. ඇය මේ බව සදහන් කලේ වියට්නාමයේ හැනොයි නුවරදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දීයි. ශ‍්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. සංවර්ධන උපාය මාර්ග […]


Sep
13

බස් සංගම් හා ගමනා ගමන කොමිසම අතර සාකච්ඡාවක්.

Generic placeholder image

බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ ද යන්න පිළිබදව මෙහිදී තීරණය කිරීමට නියමිතයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බවයි බස් සංගම් සදහන් කලේ. ගාස්තු ඉහළ නොදමන්නේ නම් වර්ජනයකට අවතීර්ණ වන බව එම සංගම් ප‍්‍රකාශ කලා. ඉන්ධන මිල […]


Sep
13

බේරුවල අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම්.

Generic placeholder image

ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී සිදු වූ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ කිමිදුම්කරුවන් යොදා ගනිමින් මෙම මෙහෙයුම් සිදු කරන බවයි. ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී ධීවර යාත‍්‍රාවක […]


Sep
12

උතුරු මැද ආණ්ඩුකාර ලේකම් ඇතුලූ තුන් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග.

Generic placeholder image

උතුරු මැද ආණ්ඩුකාර ලේකම් ඇතුලූ තුන් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා. උතුරු මැද පළාත් බද සිවිල් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කලේ ඉදිරිපත්ව තිබූ පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. සෞදන්දර්ය උපාධිධාරින් පස් දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ දක්වා ඇත්තේ පළාත් පාසල් සදහා සෞන්දර්ය ගුරුවරුන් බදවා ගැනීමේ තරග විභාගයේ දී සුදුසුකම් […]


News Articles
Latest Videos
Most Popular Post