News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

නායකත්වය හැර එජාපයේ අනිත් සියලු තනතුරු උඩු යටිකුරු වෙයි. – Exclusive

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකර තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ තබා ගන්නට අද එජාප දේශපාලන මණ්ඩලය තීරණය කරා. ඉන් අනතුරුව එජාපයේ අනිත් ඉහල තනතුරු වෙනස් කිරීම් අද පස්වරුවේ සිදුවුණා. ඒ අරලියගහ මන්දිරයේදී එජාප පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී. එහිදී පහත පරිදි එජාපයේ ඉහල පෙලේ අනිත් තනතුරු නම් […]


Apr
25

ලොවම බලා සිටී 2019 ලෝක කුසලානයේ කාල සටහන මෙන්න. හැම රටකටම හීනෙකින්වත් නොසිතූ අභියෝගයක්. – EXCLUSIVE

Generic placeholder image

ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් දෑස් දල්වාගෙන බලා සිටින ක්‍රිකට් ලොව මෞලි මංගල්‍යයේ කාල සටහන අද නිකුත් වුණා. රටවල් 10 ක් තරඟ වදින 2019 ක්‍රිකට් ලෝක කුසලානය මෙවර පැවැත් වෙන්නේ එංගලන්තයේ. මැයි 30 ඉඳලා ජූලි 14 අතරතුර කාලයේදී ලෝක ක්‍රිකට් සංග්‍රාමය පැවැත්වෙනවා.   මේ පාර තරඟාවලිය තරඟ 48 කින් සමන්විතයි. හෙට දවසේදී තමයි ICC ය 2019 […]


Apr
25

ඉන්දියාවට සහ අප්‍රිකාවට යන අයට මැලේරියා වැලදීමේ අවධානමක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව කියන්නේ මැලේරියාව තුරන් කරපු රටක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියාව තුරන් කිරීම සඳහා වන සහතිකයත් 2016 දී ලංකාවට ලැබුණා. හැබැයි අනිත් රටවල් නිසා ආයෙත් සැරයක් ලංකාවට මැලේරියාව බෝවීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන සංචාරකයින් හරහා තමයි මැලේරියාවට ලංකාවට එන අවධානම ඇති වෙලා තියෙන්නේ. මැලේරියාව අවේණික රටකට යනවා නම් සතියකට කලින් […]


Apr
25

රුපියල බිමට වැටෙයි.

Generic placeholder image

ලෝකයේ කොච්චර මුදල් වර්ග තිබ්බත් ජාත්‍යන්තරව භාවිතා වෙන්නේ “ඇමෙරිකානු ඩොලර්”. හැබැයි මේ වෙද්දී ඩොලරය නිසා ලංකාවට නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ 158.69 ක් දක්වා වැඩි වුණා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුනේ ඊයේ. පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ රුපියල දිගටම අවප්‍රමාණ වුණා. මහා බැංකුවේ වාර්තා […]


Apr
24

කඩුගන්නාව බිංගය ඉරි තලයි. වාහන ගමනා ගමනය නවතී. – Photo

Generic placeholder image

සුද්දා විද්ද ගල කිව්වාම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑනේ. කොළඹ මහනුවර පාරේ යද්දී කඩුගන්නාවේ තියෙන සුප්‍රකට බිංගය තමයි ඒ නමින් හඳුන්වන්නේ. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ තැනක් තමයි කඩුගන්නාව බිංගේ. හැබැයි මේ වෙද්දී කඩුගන්නාව බිංගය වහලා තියෙන්නේ. බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් තමයි මේ විදයට බිංගේ වහලා තියෙන්නේ. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තියෙනවා. […]


Apr
24

ඉන්ධනවලට හදපු මිල සූත්‍රය අද කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය ගැන කසු කුසුවක් මේ දවස්වල කටින් කට යනවා. ඉතින් මේ මිල සුත්‍රය ගැන අද (24) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියනවා. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් එක්ක ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු […]


Apr
23

මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.

Generic placeholder image

දැන් දවස් දෙකක ඉඳන් ශ්‍රී ලංකාව අවට මුහුදේ රළ වල සිද්ධ වුන වෙනස්වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කලා. ඒවා වලින් කියවුනේ හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බව. ඉතින් හෙට (24) දවසේ මේකට මොකද වෙන්නේ කියලත් අලුත්ම නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවමේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අලුත්ම නිවේදනයෙන් […]


Apr
23

සිරිකොත තුනට බෙදෙයි.

Generic placeholder image

පහුගිය පළාත් පාලන ඡන්දය පරාජය වීමත් එක්ක එජාපය ප්‍රතිසංවිධානය කරන්න පටන් ගත්තා. මේ දවස්වල එකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා. එජාප ප්‍රතිසංවිධාන වලට සමගාමිව සිරිකොත 3 ට බෙදන්න තීරණය කරලා තියෙනවා. පක්ෂයේ කටයුතු කාර්යක්ෂම කරන්න තමයි මේ තීරණය අරන් තියෙන්නේ. පක්ෂයේ වගකීම් ප්‍රධාන ක්ෂේත්‍ර 3 කට බෙදලා ඒවාට වෙන වෙනම ප්‍රධානින් පත් කරන්න නියමිතයි. ප්‍රධාන […]


Apr
22

“මුහුදු රළ මීටර් 3 ක් දක්වා ඉහළ යා හැකියි.” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල මුහුදු රළ ඉහළ නැගීම පිළිබඳ බයක් ඇතිකර ගන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම තත්ත්වය සුනාමි අනතුරක ලක්ෂණ නෙවෙයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ගාල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මාර්ග වෙත මුහුදු ජලය පැමිණීම ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. නමුත් දිවයිනට බස්නාහිර, දකුණ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ […]


Apr
19

අවුරුදු කුමරියගේ Wedding එකට ලක්ෂ 2 ක තෑග්ගක් දෙන අවුරුදු උත්සවය පානදුරේදී.

Generic placeholder image

අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කිහිපයක් පහු වුනත් මේ මාසේ පුරාවටම අවුරුදු උත්සව වල නම් අඩුවක් නැහැ. ඉතින් මේ අවුරුදු ක්‍රීඩා අතර තියෙන තරඟ වලින් හැමෝම කතාවෙන තරඟයක් තමයි අවුරුදු කුමරිය තේරීමේ තරඟය. මේ තරඟයේදී අවුරුදු කුමරියට දෙන ලොකුම තෑග්ග ලබාදෙන අවුරුදු උත්සවක් ගැන තොරතුරක් පානදුරෙන් වාර්තා වෙනවා. මේ අවුරුදු උත්සවය සංවිධානය කරන්නේ, පානදුර වෑකඩ Golden […]


Apr
19

එජාපයේ ලොකු පුටු මාරුව අද.

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ගැන කතා වුනේ පහුගිය මැතිවරණයෙන් පසුව ඉඳන්. හැබැයි අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය ගෙනාවට පස්සේ ඒ ක්‍රියාවලිය වේගවත් වුණා. එජාපයේ ප්‍රතිසංවිධානය වෙන්න ඕන කොහොමද කියලා තීරණය කරන්න රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කළා. මේ කමිටුව අද දෙවෙනි වතාවට රැස් වෙන්න නියමිතයි. අද රැස්වෙන කමිටුව පක්ෂයේ තනතුරු වෙනස් කරන්න නියමිතයි. හැබැයි අද වෙනස් කරන […]


Apr
19

අද ඉදන් කාලගුණය වෙනස් වෙන හැටි මෙන්න.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේම රටපුරා දැඩි වර්ෂාපතනයක් ඇති වුණා. මේ නිසා සමහර ජලාශවල වාන් දොරටු පවා විවෘත කරා. කොහොම වුනත් පහුගිය දින කිහිපයේ පැවති තද වැසි සහිත කාලගුණය අද ඉඳන් අඩු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. හැබැයි අද හවසත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි […]


News Articles
Latest Videos
Most Popular Post