News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

බෙන්ගාල බොක්ක කැළඹෙයි. ඉදිරි දිනවලදී ලංකාවටම තද වැසි…

Generic placeholder image

ලංකාව කිට්ටුව තිබ්බ තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වෙද්දී අඩු පීඩන තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. එය තවදුරටත් වර්ධනය වෙනවා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ නිසා දිවයින අවට මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ හේතුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කරා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම අඩු පීඩන තත්ත්වය […]


Mar
12

ජනපති ජපන් යයි.

Generic placeholder image

ජපානය සහ ශ්‍රී ලංකාව අතර තියෙන්නේ ලොකු මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගන්න ජනාධිපතිතුමා අද ජපානයේ සංචාරයක නිරත වුනා. ලබන 17 වෙනිදා දක්වා එතුමා ජපානයේ රැඳී සිටින්න නියමිතයි. මාර්තු 13 වෙනිදා ජපානයේ අකිහිතෝ අධිරාජයා සහ ජානධිපතිතුමා අතර හමුවකුත් පවත් වෙනවා. ඒ වගේම 14 වෙනිදා ජපන් අගමැතිවරයා හමුවන්න නියමිතයි. සාකච්ඡා වලින් පස්සේ ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ […]


Mar
11

බෙංගාල බොක්කේ අඩු පීඩනයක්. ඉදිරි දින වලදී ලංකාවේ කාලගුණයට වෙනදේ මෙන්න.

Generic placeholder image

මේ දවස් වල ලංකාවේ කාලගුණය අයෙත් කැළඹිලා තියෙන්නේ. දිවයිනේ දකුණු අර්ධයට තද වැසි සමග තද සුළං ඇති වීමේ අනතුරු ඇගවීම් කාලගුණ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වේ ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න කියලා. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලටත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත‍්‍රික්කවලටත් විටින්විට තද […]


Mar
11

ලෝකයම භීතියට පත් කරන දරුණු වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Generic placeholder image

කාලෙන් කාලයට ලෝකය පුරා විවිධ වසංගත පැතිර යනවා. මේ වසංගත රෝග නිසා මුළු ලෝකයටම දරුණු බලපෑම් ඇති වෙනවා. 2018 වසරේදී ලෝකය පුරා පැතිර යන්න පුළුවන් මාරාන්තික වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඔවුන් මේ වසංගතය නම් කරලා තියෙන්නේ ” Disease X” කියලා. මෙය ඊබොලා H1 N1 වගේ මාරාන්තික වසංගතයක් වෙයි කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය […]


Mar
10

සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට යථා තත්වයට – රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා

Generic placeholder image

සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පහුගිය දවස්වල මහනුවර අතුළු ප්‍රදේශ කිහිපයක ඇති වුන නොසන්සුන් තත්වය පාලනය කිරීමට තමයි රජය මෙම පියවර ගත්තේ. ඒ හේතුව මුල් නිසා අන්තර්ජාල සේවාවන් වල වේගයන් ද පහළ දැමුනා. කොහොම වුනත් අද දවසේ ඉඳන් මේ සියළු සේවාවන් […]


Mar
9

මහනුවර පාසල් 12 වෙනිදා යළි ඇරේ.

Generic placeholder image

මහනුවර දිස්ත‍්‍රික්කයේ පාසල් ලබන 12 වන සදුදා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ මේ වන විට එම දිස්ත‍්‍රික්කයේ පවතින තත්වය සාමකාමී බැවින් නැවත පාසැල් විවෘත කිරීමට පියවර ගත් බවයි. මහනුවර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය 05 වනදා එම දිස්ත‍්‍රික්කයේ සියලූ පාසැල් වසා දැමීමට පියවර ගැනුණා.කෙසේ […]


Mar
9

කාලගුණය ආයෙත් කැළඹෙයි.

Generic placeholder image

ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර, සහ කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ක පමණ වැසි වැටෙයි කියලයි අපේක්ෂා කරන්නේ. . දකුණු සහ නිරත දිග මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වෙනවා. පැයට කිලෝමිටර් 70ත් 80ත් […]


Mar
8

මහනුවර සිද්ධීන් මෙහෙයවූ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට. ඇඳිරි නීතිය බලපැවැත්වෙන අලුත්ම වෙලාව මෙන්න.

Generic placeholder image

මහනුවර නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ සිද්ධීන් මෙහෙයවූ ප‍්‍රධාන සැකකරු අමිත් ජීවන් වීරසිංහ ඇතුලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කලා. මේ අතර මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය සඳහා අද පස්වරු 6 සිට හෙට අලූයම 6 දක්වා යළි ඇදිරි නීතිය […]


Mar
8

අද පැවැත්වෙන නිදහස් කුසලාන තරඟයට ක්‍රීඩා ලෝලීන් පිටියට ඇතුළු කිරීමේ කටයුතු වේලාසනින්ම පටන්ගත්තේ ඇයි?

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොණ විස්සයි විස්ස තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟය නැරඹීම සදහා පැමිණෙන පේ‍්‍රක්ෂකයින් ආර්. පේ‍්‍රමදාසකී‍්‍රඩාංගණයට ඇතුළත් කිරීමේ කටයුතු පස්වරු 3.30 සිට ආරම්භ වුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ, ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් පේ‍්‍රක්ෂකයින්ට තෙරපීමකින් සහ බාධාවකින් තොරව කී‍්‍රඩාංගණයට පැමිණ අසුන් ගැනීම සදහා මෙම පියවර ගත් බවයි. තරඟය අද පස්වරු […]


Mar
8

ඉක්මනටම Facebook අරිනවා. ආයෙත් ජනතාව නොමඟ යැව්වොත් ආයෙත් Facebook වහනවා.

Generic placeholder image

මෙරට සමාජ මාධ්‍ය සදහා පනවා ඇති අවහිරතාවය හෙට දින වන විට ඉවත් කිරීමට අපේක්ෂා කරන බව බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම කොමිසම සදහන් කලේ රට තුළ තත්වය යලි සාමකාමී වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් යලි ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් නැවත සමාජ මාධ්‍ය වාරණය කිරීමට පියවර […]


Mar
8

නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට

Generic placeholder image

ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා , නීතිය හා සාමය ඇමතිවරයා ලෙස මිට සුළු මොහොතකට කලින් ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා. දැනට ඔහු කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙසයි. පහුගියදා සිදු කල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නත් ඒක තාවකාලික පවීමක් බව තමයි රජය මීට කලින් කිව්වේ.      


Mar
7

තීරණාත්මක ඉතාලි ඡන්දය නිසා ශ්‍රී ලාංකිකයන්ට මොකද වෙන්නේ? සියත 24 ඉතාලියේ සිට ගෙන එන විශේෂ වාර්තාව මෙන්න.

Generic placeholder image

ඉතාලියේ මහා මැතිවරණය පහුගිය දා පැවැත්වුනා. මේ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට 40% වැඩ ඡන්ද ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඉතාලියේ දේශපාලන අස්තාවරභාවයක් ඇතිවෙලා තියෙනවා. ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජිවත් වෙනවා. මේ තත්වය නිසා ඔවුන් පහුගිය දවස් කිහිපයේම නිවාඩු දිනයන් විදියට තමයි ගතකලේ. කොහොම වුනත් අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් යම් […]


News Articles
Latest Videos
Most Popular Post