ඡන්දය පැවැත් වෙන ලබන 10 වෙනිදා දිවයින පුරා සියලුම සුරාසැල් වහන්න නියෝග කරලා තියෙනවා.
සීගිරිය කියන්නේ ලෝකයම විශ්මිත කරපු අපේ රටේ නිර්මාණයක්. ඉතිහාසයේ එක තැනක කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා. එ් වගේම තවත් තැනක රාවණා රජතුමා සිගිරිය බලකොටුවක් කරගෙන හිටියා කියලා සැලකෙනවා. ලෝක උරුමයක් වුණ සීගිරියට පිළිකාවක් අැතිවෙලා තියෙනවා. කැටපත් පවුරේ දිලීරයක් පැතිර යන්න පටන් අරන්. මේකට පිළියම් නොකළොත් පිළිකාවක් වෙලා සිගිරිය පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. […]
මේ සැරේ පළාත් පාලන ඡන්දය වෙනදට වඩා උණුසුම් වෙලා තියෙනවා. ඡන්දය පවත්වන්න තවත් දවස් 3 යි ඉතිරි වෙලා තියෙන්නේ. කාන්තා නියෝජිතයිනුත් මේ සැරේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න නිසා පිරිමි අපේක්ෂකයන්ට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. මේ සැරේ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව විදියට එජායෙන් තරඟ කරන්නේ රෝසි සේනානායක මහත්මිය. මෙච්චර කාලයකට කොළඹ පුරපති පුටුවට කාන්තාවක් පත්වෙලා නෑ. රෝසි […]
මේ මාසේ 10 වෙනිදා පළාත් පාලන ඡන්දය පැවැත් වෙනවා. එ් නිසා පෙබරවාරි 09 වන සිකුරාදා ලංකාවේ සියලුම පාසල් වලට නිවාඩු දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා. එ් අනුව පෙබරවාරි 09 වන සිකුරාදා දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් විදියට ප්‍රකාශ කරල තියෙනවා.
මේ දවස් වල ඡන්දය ළඟ නිසා වේදිකාව හරිම උණුසුම්. අරයා මෙයාට බනිනවා. මෙයා අරයට බනිනවා. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරන එකයි කරන්නේ. කොහොම වුණත් පහුගිය දවසක ටිකක් වෙනස් විදිහේ කතාවක් නිදහස් පක්ෂ වේදිකාවෙන් ඇහුණා. ජනපතිතුමා තමයි මේ අමුතු කතාව කිවුවේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ ආණ්ඩුව වැරදි පාරේ ගිය හැටිත්, ඒ වෙලාවේ තමන් මහින්දට […]
මාලදිවයින කියන්නේ අපේ අසල්වැසි රටක්. හැබැයි මේ දවස්වල මාලදිවයිනේ තත්වය නම් එච්දර හොද නෑ. එ්රට අධිකරණයයි ජනාධිපතිවරයායි අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඊයේ එ් යුද්ධයේ ගිණි පුළිඟු එළියට පැන්නා. මාලදිවයිනේ අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් සහ තවත් විනිසුරුවරයෙක් වුණ අලී හමීඩ් අත්අඩංගුවට ගත්තා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා එරට අධිකරණය ජනාධිපතිවරයාට නියෝග කරා. හැබැයි මාලදිනවයිනේ ජනාධිපති […]
බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකරුවෙක් වුණ අර්ජුන් අැලෝසියස් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තා. ඔහුත් එක්ක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට ගත්තා. අද උදේ ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කියලා අධිකරණය නියෝග කරා. 16 වෙනිදා නැවතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.
ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුනා. ඉන්පසුව සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් සහභාගි වුනා. ශ්‍රි ලංකාවේ අගමැතිවරයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුන පළමු අවස්ථාව තමයි මේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ අගමැතිතුමා, ඊට පස්සේ සියත […]
අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය මේ වෙද්දී බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමාත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. පෙබරවාරි 08 වෙනිදා පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී අාදාහන පූජෝත්සවය සිදු කරන්න නියමිතයි. මේ වෙද්දිත් අති විශාල පිරිසක් බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව දක්වන්න පැමිණෙමින් ඉන්නවා. […]
රැසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට අරන් තියෙනවා. එ් ඔහු අැමරිකාව බලා යන්න හදපු වෙලාවේ. මිග්යානා ගනුදෙනුව ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ උදයංග වීරතුංගට එරෙහිව FCID පරීක්ෂණයක් කරනවා. ඔහුව අත්අඩංගුවට ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කරා.
බැදුම්කර වංචාව සම්බන්දව චෝදනා ලැබ ඉන්න පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අැලෝසියස් අත්අඩංගුවට අරන් තියෙනවා. අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ ඔහුගේ නිවසේදී තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එ් වගේම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට අරන් තියෙනවා. දෙදෙනාම ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් තියෙනවා.
ගමේ ඡන්දයට අපේක්ෂකයෝ තෝර ගන්න තැපැල් ඡන්දය මේ දවස්වල පැවැත් වෙනවා. අද තමයි තැපැල් ඡන්ද දාන්න පුළුවන් අන්තිම දවස. ඡන්දය දවසේ මැතිවරණ රාජකාරි කරන රාජ්‍ය සේවකයොන්ට තමයි තැපැල් ඡන්දය තියන්නේ. හැබැයි මේ සැරේ තැපැල් ඡන්ද භාවිතය අඩුවෙලා කියලා මැතිවරණ කොමිෂන් සභාව කියනවා. එ් නිසා තැපැල් ඡන්දය ඉල්ලුම් කරලත් ඡන්දය නොදාපු අයගෙන් රැපියල් 750 ක් අය […]