පාසල් කාලය තුල සිංහල රචනා ලියපු නැති කෙනෙක් නැති තරම්ය. පාසල් ගිය මුල් කාලය තුලම ගුරුවරුන් ළමුන්ට රචනා ලියන්නට උගන්වති.. ඒ නිසා අපි හැමෝම බොහෝ දේ ගැන රචනා ලියා ඇත… අද මේ කතා කරන්නේත් එවැනි රචනාවක් ගැනයි..මේ රචනාව අපි ලියපු රචනාවන්ට වඩා බොහෝ වෙනස්…ඒ ගැනයි මේ..
විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.
පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එම අවස්ථාවටඑක්ව සිටි පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5දෙනෙකු ද වනවා.
කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (10) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා.
විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අර්ජුන ඔබේසේකර මහතා පත් කිරීමට ද අභියාචනාධිකරණ විනිසුරු සභාපති ලෙස කේ.පි. ප්‍රනාන්දු මහතා ද , අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සසී මහේන්ද්‍රන් මහතා ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස එල්.ටි.බි. දෙහිදෙණිය […]
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉකුත් අඟහරුවාදා ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී ජනතාව වෙත ආචාර කරමින් සිටි අවස්ථවේදී ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව තිබෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂක පිරිවර මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාගේ ආරක්ෂා ව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් […]
ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 602ක්. දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 434ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 113ක් වාර්තා වී තිබෙනවා.
අද දිනයේ දිස්ත්‍රික්ක 16ක පිහිටි ස්ථාන 116 කදී කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ අනුව කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන හා දිස්ත්‍රික්ක පහතින්,
ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින්. ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,
අයහපත් කාලගුණය නිසා ඇති වූ ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රක්ක 10යක සිදුව ඇති ආපදා හේතුවෙන් 176,419 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
චීනයේ නිෂ්පාදිත තවත් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. අදාල එන්නත් තොගය අද පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබී තිබෙනවා. ඉකුත් 06වන දිනද චීනයෙන් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලිනයක් මෙරටට හිමි වුණා.
තවත් කොරෝනා මරණ 54 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 10 වනදා සිට මැයි 31 දක්වා කොරෝනා මරණ 15 ක් ද, ජුනි 02 වනදා සිට ජුනි 07 වනදා දක්වා කොරෝනා මරණ 39 ක් ද වශයෙන්. ඊයේ දිනයේ මෙරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත. අදාල නිවේදනය පහතින්,