නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇති බව සදහන්. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සදහා සුපිරි වෙළදසැල් වලට අවසර ලබාදී ඇති අතර එම වෙළදසැල් විවෘත කර පාරිභෝගිකයින්ට […]
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊයේ (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරනු ලබනවා. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට […]
කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරුණා. ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටි බව සදහන්. කටුනායක පොලීසිය ඊයේ (26) රාත්‍රීයේ ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබෙනවා. මෙම […]
ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රකාශයට ඇති මෙම තීරණය අද (27) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වැලැක්විමේදී සමාජ දුරස්තභාවය පවත්වා ගැනිම මූලික […]
පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4018 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වැනි දා සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අදාළ කාලය තුළයි. එමෙන්ම රථ වාහන 1033 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 533 […]
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනය හා ඉතාලිය අභිබවා ගොස් තිබෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,404 කි. අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 1100 ඉක්මවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඉතාලියෙන් ආසාදිතයින් 80,539 දෙනෙකු වාර්තා වන්නේ 8215 දෙනෙකුට මිය ගිය ගොස් තිබෙන අතර ස්පාඤ්ඤයයේ ඉකුත් පැය 24 තුළ වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 […]
ලොව පුරා සිටින කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට වාර්තා වන ආසාදිතයින් ගණන පන් ලක්ෂ 31630 දෙනෙකු බව විදෙස් වාර්තා සඳහන් කළා. මේ අතර අමෙරිකාව ලොව වැඩිම රටක් වාර්තා කළ ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා කර තිබෙනවා. ඒ කොරෝනා වෛරස ආසාදිතයින් 85,000 ක් […]
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී තිබෙනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේඋපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයින් පිරිසක් විසින් විෂබීජ හරණය සිදු කළ හැකි මෙම කුටිය නිර්මාණය කර ඇති අතර මෙමගින් එකවර මුළු ශරිරයම විෂබීජ හරණය සිදු කිරිමේ හැකියාව පවතින බව […]
2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අනුව පෙබරවාරි මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 මාර්තු 20 වන විටත්, මාර්තු මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 අප්‍රේල් 30 වන විටත් සිදුකළ යුතුව තිබුණු අතර අදාළ […]
ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන IDA රටවලට කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමඟ දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ඇති කරනු ලැබේ. මෙහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි […]
ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු (59) කොවිඩ් වැලදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර […]