මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස තුන හමාරක කාලයක් ගත වී තිබෙන අතර ඒ අනුව නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් රැගෙන ගිය ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂ 15 සොයා ගත් බව මස්කෙළිය ප්‍රාදේශිය සභාව සදහන් කරනවා. මෙලෙස දිරාපත් නොවන ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට මුදා හැරිම හේතුවෙන් අති සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද රක්ෂිතයට […]
කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ති වීම හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වීමට නියමිතව තිබූ වැඩසටහන් රැසක් අවලංගු කර තිබෙන බව එරටින් වාර්තා වෙනවා. මේ වන විට ලොව පුරා රටවල් රැසක්ම නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා. ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම වැලැක්වීම අරමුණු කරගනිමින් මෙලෙස එම වැඩ සටහන් අවලංගු කර තිබෙනවා. යුරෝපයෙන්ද මේ […]
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා සදහන් කරන්නේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරග කිරීමට නියමිත බවයි. ඊට පෙර මුට්ටිය ලකුණින් තරග කිරීමට සුදානම් වී සිටියද තම නව සන්ධනයේ ඉල්ලීම පරිදි මාළුවා ලකුණින් තරග කිරීමට තීරණය කල බව හිටපු අමාත්‍යවරයා වැඩි දුඅරත් සදහන් කළා.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ ගණන 3598 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ වන විට රටවල් 93 කින් කෙරෝනා වෛරසය ආසාදිත රෝගීන් සොයාගෙන තිබෙන අතර ආසාදිතයන් පිරිස ලක්ෂය ඉක්මවා තිබෙනවා. චීනයට අමතරව දකුණු කොරියාවෙන් මරණ 47 ක් සහ ජපානයෙන් මරණ 13 ක් කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ බලපෑම එල්ලවී තිබෙන ඉරානයෙන් මරණ 145 […]
තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන් සති 06 ක් පමණ කාලයක් කි‍්‍රඩා පිටියෙන් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඉකුත්දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා. එමෙන්ම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම […]
කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් ඉතාලියේ මිලියන 10ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන බව එරට රජය ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉතාලියේ ලොම්බාඩි කලාපය ඇතුළු එරට පළාත් 11 ක වෙසෙන මිලියන 10 ක පුද්ගලයින් මෙලෙස නිරෝධායනයකට ලක් කිරීමට පැවසෙන්නේ. එම පළාත්වල තිබෙන ජනතාව වැඩි වශයෙන් ගැවෙසන පොදු ස්ථාන වසා දැමීමටද […]
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඇය දිරිමත් – රට සවිමත් යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය නම් කර තිබෙනවා. කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවත් ස්වාධීනව තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ […]
අද දිනයේදී බස්නාහිර, සබරගමුව ,දකුණු පළාතට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිලිබදව වඩා අවධානය යොමු කළ යුතු බව සදහන් කරන එම දෙපාර්තුමේන්තුව හැකි තරම් ජලය පානය කිරීම, දැඩි වෙහෙසකාරී කටයුතු වලින් විවේක ගැනීම, සැලකිලිමත් වන ලෙස කාලගුණ […]
2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධියට අදාලව පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට පැවැත්වීමට නියමිත බව සදහන්. මෙහිදී ඉදිරි දේශපාලන […]
නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයට පැමිණෙන සියලු ගුවන් ගමන් සතියක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව,ලෙබනනය,සිරියාව,බංග්ලාදේශය,පිලිපීනය සහ ඊජිප්තුවද මෙම නියමයන්ට අදාළ වන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. පසුගිය සති 2 තුළදී මෙම රටවල වාසය කර පැමිණෙන කුවේට් පුරවැසියන් නොවන සෑම අයෙකුටම රටට ඇතුලුවීමද මේ අනුව තහනම් […]
තමන් රැඳී සිටි ස්ථාන සහ ගමන් තොරතුරු ලබා නොදෙන නව කොරෝනා වෛරස් ආසාදිතයින් සිරගත කිරීමට සහ ඔවුන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා. රට තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව බලධාරීන් පැවසුවා. සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ චීන ජාතික යුවළක් සාවද්‍ය තොරතුරු ලබාදුන් බවට […]