වල්ලපට්ටා තෙල් බවට පත් කර ඒවා නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවා. මොහු 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව සදහන්. ඔහු වල්ලපට්ටා කැබලි ලෙස […]
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
කොවීඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඊයේ දිනය වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 1961 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසාදනය වූ පුද්ගලයින් 56,126 දෙනෙකු සුව වී ඇති බව වාර්තා වනවා. මේ අතර කොරෝනා වෛරසය වැළදීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3466 […]
ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේ විසින් දිනා ගෙන තිබෙනවා. මෙම සම්මානය අරවින්ද ලොකුගේ විසින් දිනා ගත්තේ පස්වන වතාවටයි. ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ රාත‍්‍රීයේ පැවැත්වුණේ බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටල් පරිශ‍්‍රයේදීයි. එහිදී කාණ්ඩ 47 ක් යටතේ සම්මාන පිරිනැමුණා.
ශ්‍රී ලංකාවට එරෙහි 2 පන්දුවාර 20 තරගයේ කාසිය වාසිය දිනාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙනවා. මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරගය පැවත්වෙනවා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කළා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්.
අද වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවත් එම පක්ෂයේ නායකයා විසින් හුදෙකලාව වෙනම ගමනක් යන්නට උත්සහ දරණ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා […]
කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට දැනුම් දී තිබෙනවා. කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියා. මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් […]
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිඳාට එම වෛරසය වැළදී නොමැති බව තහවුරු වී තිබෙනවා. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු දරුවාගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බිළිඳා අද පෙරවරුවේ […]
වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන අතර වියට්නාම රජය විසින් ද කොරෝනා පාලනය සඳහා නිතර අත් සේදීම දිරිමත් කිරීමට අදාලව ගීතයක් හදුන්වා දී තිබෙනවා. මෙම ගීතය අන්තර්ජාලයේ අතිශය ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා. දෑත් පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට හුරුකිරීම සදහා වියට්නාම් රජය ගත් උත්සාහයක් ලෙස මෙය […]
ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම නෞකාව දිවයිනට පැමිණෙන බව නාවික හමුදාව පැවසුවා. නිලධාරීන් සහ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත එම ඕස්ට්‍රේලියානු යුධ නෞකාව හෙට සිට ලබන 11 වනදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි. […]
ඉතාලියෙන් වාර්තා වූ කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදිත ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වෙනවා. මිලානෝහි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගෙන් සුළු පිරිසක් යළි ශී‍්‍ර ලංකාවට පැමිණීමේ තත්වයක් ද දක්නට ඇති බවයි.