අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බව හගවා කාන්තාවකගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කල සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදු කල විමර්ශනයකදීයි. සැකකරුවන් යක්කල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට පවසා තිබෙනවා. ඇයට දැනුම් දී ඇත්තේ ඉන් බේරා ගැනීම සදහා රුපිියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය […]
පැවැත්විීමට නියමිත මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9ක් මේ වන විට ඇප තැන්පත් කර තිබෙනවා. වන්නි මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෛක්, යාපනය මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක්, කලුතර මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් සහ මඩකලපුව මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. 2020 මහමැතිවරණයට අදාලව ඇප තැන්පත් කිරීම පසුගිය 03 වනදා ආරම්භ […]
ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් අද තුන්වන දිනටත් මට්ටක්කුළිය – හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණක නිරත වෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු සංචාරකයින් දින 14 ක නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් […]
ආපන ශාලා වලින් තේ පානය කිරීමේදී භාවිතා කරන තේ කොළ පිලිබද සැකයක් පවතීනම් පාරිභෝගිකයාට ඒ පිලිබද විමසීමක් කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ කොටුව වැඩබලන ප්‍රධාන ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී ලාල් කුමාර මහතා සදහන් කළේ කොළඹදී කසළ තේ තොගයක් පසුගියදා අත්අඩංගුවට ගත් බවයි. පසුගියදා කසළ තේ කිලෝ තුන්දහසක් අත්අඩංගුවට ගෙන තිබුණේ […]
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආසාදනයවීම හේතුවෙන් ගත වු පැය 24 තුළ සිදුවූ රටවල් 10 කින් පුද්ගල මරණ 71 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වැඩි මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 41 ක් ලෙස වාර්තා වෙනවා. එමෙන්ම බි්රතාන්යයෙන් හා ස්විට්සර්ලන්තය ඉරාකයෙන්, අමෙරිකාවෙන් සහ ස්පාඤ්ඤයෙන්ද කොරෝන වාර්තා වී තිබෙනවා. […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද පස්වරුවේ ලබා දීමට නියමිතයි. අදාළ දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් පනවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් ඇතුලූ කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය […]
චීනය, කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන […]
සියත ගොඩයන ලක්ෂය වැඩසටහන අද පැවැත්වෙන්නේ නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටයි. අද දින ලක්ෂයේ හිමිකරුවා ඔබ විය හැකියි.අද සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට පැමිණ ලක්ෂයේ හිමිකරුවා බවට පත්වන්න. පසුගිය සිකුරාදා සියත ගොඩයන ලක්ෂය වැඩසටහන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ලක්ෂයේ හිමිකරු බවට පත්වීමට කඩුවෙල සුනිල් ට හැකිවුණා.
පෙර පාසල් අධ්‍යාපනය ප්රිතිගත කිරීමේ අරමුණෙන් ඒ සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම එම ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට යොමු කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කලා. පෙර පාසල්වල ඉගැන්විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් එම ප්‍රතිපත්ති […]
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අද දිනයේ සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට ලබන 16 වෙනිදා දක්වා ඒ සදහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම කොමිසම වැඩි දුරටත් සදහන් කළා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත්දා ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ඇතුළු වීම තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් අද සිට නැවත ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවලට, ගුවන් මගියෙකු සමග එක් අමුත්තෙකුට පමණක් ඇතුළු කර ගැනීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රවේශ පත්‍ර […]
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 25ක ජයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම […]