ජනවාරි මස මුලදී වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළ වෛද්‍යවරයා එරට පොලිසියේ බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහුගෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසට ලිපියකට ද අත්සන් ගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයා ද මේ වන විට කොරෝනා වෛයිරසයට ගොදුරු වී ඇති අතර රෝහල්ගතව සිටියදීම […]
අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක් අඩු ආදායම්ලාභීන් සඳහා සහනදායි ලෙස ලබාදීමට ජනාධිපතිවරයා වූ පොරොන්දුව ලබන මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එය ලංකා සතොස, සමූපකාර වෙළඳසැල් සහ කාන්තා ව්‍යවසායකයින් සහිත වෙළඳසැල්වලට ප්‍රමුඛත්වය ලබාදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. සහල්,පිටි,සීනි,ගොඩනැගිලි […]
ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග සංචාරයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නා. එහිදී ඉන්දීය කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 347 ක් රැස්කරගත්තා. සුරේෂ් අයියර් ලකුණු 103 ක් රැස්කරගත් අතර රාහුල් නොදැවී ලකුණු 88 ක් රැස්කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48 කදී කඩුළු 06 ක් දැවී ලකුණු 348 ක් ලබාගෙන […]
08 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ලබන සිකුරාදා (07) රැස්වීමට නියමිතයි. මෙම කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කෙරෙණු ඇති. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව එදින ප.ව 02.00 ට රැස්වන අතර රජයේ ගිණුම් පිළිබද […]
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කළා. කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර […]
නව කොරෝනා වෛරසයත් සමග චීනය හා පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කර ඇති බව සදහන්. එමෙන්ම චීන රජය විසින් ද සිය පුරවැසියන්ට සංචාරක සිමා පනවා […]
ටෙක්සාස් හි වැලන්ටයින් දිනය නිමිත්තෙන් අපූරු තරගයක් Sanantonio සත්ත්ව උද්‍යානය විසින් සංවිධානය කර තිබෙනවා. මෙහිදී තමා හැරගිය පෙම්වතියගේ හෝ පෙම්වතාගේ නම කැරපොත්තෙකුට හෝ මීයෙකුට දැමීමට අවස්ථාව හිමිවනවා. ඉන්පසු මෙම කැරපොත්තා හෝ මීයා වෙනත් සතෙකුට ආහාරයට දෙන අතර එය ආහාරයට ගන්නා ආකාරය නැරඹීමටද අවස්ථාව හිමිවනවා. මෙහිදී කැරපොත්තෙක් සදහා ඩොලර් 5 ක් අයකරන අතර මීයෙකු සදහා ඩොලර් […]
කොළඹ, ගාලුමුවදොර පිටියට යාබද ස්ථානයක් “උද්ඝෝෂණ ස්ථානය” ලෙස නම් කර තිබෙනවා. මෙය උද්ඝෝෂණ කරුවන් වෙනුවෙන්ම නම් කර ඇති බව සදහන්. නිරන්තරයෙන් කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් අතිවිශාල ජනතාවක් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබෙනවා. කොළඹ ලෝටස් පාර, ගාලුමුවදොර, පුරහල ලිප්ටන් වටරවුම වැනි අතිශයින් ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත්, […]
සිංගප්පූරුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිව් දෙනෙකු වාර්තාවී තිබෙනවා. වෛරසය සිංගප්පූරුව තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා වෛරසය ආසදනයවී ඇති එම පුද්ගලයින් චීනයේ කිසිඳු දිනක සංචාරය කර නැහැ. ජපානයට පැමිණි මගීන් 3 500 ක් රැුගත් නෞකාවක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණයවී තිබෙනවා. මීට පෙර […]
මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව මාතලේ මහ නගර සභා සීමාව, ඒ 9 මාර්ගයේ මාතලේ සිට පිල්ලිවෙල ප්‍රදේශය දක්වා, පලාපත්වල ප්‍රාදේශීය සභා සීමාව, ඔය පහළ ප්‍රදේශය, කන්දෙගෙදර ඉහළ කොටස ඇතුළුව […]
වෘත්තිය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස කථානායක කරූ ජයසූරිය ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහායි. මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධින් සම්බන්ධයෙන් මහ බැංකුව සිදුකළ වෝහාරික විගණනයේ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව කථානායකවරයා අද නිවේදනයක් නිකුත් කරමින් සදහන් […]
සමාජ මාධ්‍ය ජාල තුල සඳහන් වන ආයුර්වේද වට්ටෝරු භාවිත කිරීමෙන් වලකින ලෙස ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසේන මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදාලව ඖෂධ සංග‍්‍රහයක් පවතින බවයි. සිරුර වර්ධනය වර්ධනය කර ගැනීම සඳහා කොළ වර්ගයක් ආහාරයට ගත් ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 03 වනදා […]