News Line| Off Air
Generic placeholder image

Jun
20

බංකොලොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට පුළුවන් – අගමැති කියයි

Generic placeholder image

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. […]


Jun
20

නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක්

Generic placeholder image

නැගෙහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හැර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල හර්තාල් ව්‍යාපාරයක් මේ වනවිට ක්‍රියාත්මක වනවා. ඒ සිව්වන දිනටත් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂුන් වහන්සේලා, අන්‍යාගමික පූජකවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව පවත්වන උපවාසයට සහය පළ කරමින්. මොවුන් මෙම උපවාසය සිදු කරන්නේ කල්මුණේ – උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් […]


Jun
20

කොළඹ තැන් කීපයකට සෙනසුරාදා ජල කප්පාදුවක්

Generic placeholder image

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජුබ්ලි ජල සැපයුම පද්ධතියේ අලුත් වැඩියා කටයුතූ හේතුවෙන් සහ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් 2019 ජුනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් ජල කප්පාදුවක් සිදු වෙනවා. ඒ අනුව, කොළඹ, දෙහිවල,ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ […]


Jun
20

කාදිනල් හිමිගෙන් ජනතාව වෙත ඉල්ලීමක්

Generic placeholder image

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගය දැක්වූ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. එමෙන්ම සහන අරමුදල වෙත ලැබෙන මූල්‍යාධාරවලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ගේ ප‍්‍රතිකාර සඳහා යොදවන බව උන්වහන්සේ වැඩිදුරටත් සදහන් […]


Jun
20

වැව් ගම් පුබුදුව වැඩසටහන යටතේ වැව් 325 ක් ප්‍රතිසංස්කරණයට

Generic placeholder image

ගම් පුබුදුව, වැඩසටහන කඩිනම් කර අදාළ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ප‍්‍රතිලාභ සලසන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ වැව් ගම් පුබුදුව ව්‍යාපෘතියේ වත්මන් ප‍්‍රගතිය සොයා බැලිමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. වැඩසටහන යටතේ උතුර උතුරු මැද සහ වයඹ පළාත් ආශ‍්‍රිත අබලන්ව ඇති ග‍්‍රාමීය වැවි 325 […]


Jun
20

කජු ආනයනයෙන් දේශීය කජු ගොවීන්ට පහරක්

Generic placeholder image

ගුණාත්මක කජු අස්වැන්නක් තිබියදීත් මෙරටට කජු ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් එම කර්මාන්තයේ නියැළෙන පිරිස් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. දේශීය කර්මාන්තකරුවන්ගේ කජු මිල සියයට පනහකින් පමණ අඩුවී ඇති අතර ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වනවිට අස්වනු සඳහා මුදල් නොගෙවීමෙන් කර්මාන්තය බිඳ වැටී ජන […]


Jun
20

තවුහිද් ජමාද් සංවිධානයේ නායක අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Generic placeholder image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20)යළි පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම සභාව හමුවේ අද දිනයේදී පෙනී සිටින ලෙස සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික්ට දැනුම් දී ඇති අතර සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් පවසා සිටියේ අද පස්වරු 2.00 ට කාරක සභාව හමුවේ […]


Jun
20

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.5 ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ. බටහිර පැපුවා ප්‍රදේශයේ ජයපුර ප්‍රදේශයට කිලෝමීටර 248 ක් බටහිර දෙසට වන්නට ජනාකීර්ණ ප්‍රදේශයක කිලෝමීටර 12 ක් පොළොව අභ්‍යන්තරයේ එය හටගෙන ඇති බව සඳහන්. භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මේ වන […]


Jun
20

අනුරපුර භික්ෂු සරසවිය අසලදී සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

Generic placeholder image

විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා. ඊයේ(19) දින අනුරාධපුර පොතානේගම ග්‍රාම නිලධාරී වසමේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මෙම වැටලීම සිදු කර ඇත. එහි දී 12.15ට පමණ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වු හා යම් අපරාධයකට සම්බන්ධ යැයි සැකපිට සිටි පුද්ගලයෙකු […]


Jun
20

දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් ඇමති අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

Generic placeholder image

දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යවරයාද එක්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියා. වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට […]


Jun
20

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි

Generic placeholder image

මධ්‍යම කඳුකරයට අද (20) උදෑසන ඇදහැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. නාවලපිටිය නගරයේ බස්නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මීටර් 500ක් පමණ මෙසේ වැසි ජලයෙන් යට වී ඇති අතර වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇත. සුළු […]


Jun
20

නවසීලන්තයට කඩුළු 04 ක ජයක්

Generic placeholder image

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ඊයේ (19) පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්කම් දැක්වුවා. බර්මින්හැම්හිදී පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉණිමක් පන්දුවාර 49කට සීමා කෙරුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කිරිමට සමත් […]


News Articles
Latest Videos
Most Popular Post