News Line| Off Air
Generic placeholder image

Jul
2

කොරෝනා ආසාදිතයින් ගණන 2054ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය තුළ වාර්තා වූ රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ […]


Jul
2

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Jul
1

දිනකට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන ලක්ෂයක් විය හැකි බවට අනතුරු ඇගවීමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දිනෙන් දින නව ආසාදිතයින් වාර්තා වන ඇමෙරිකාවේ නවතම සමීක්ෂණයකට අනුව පවතින සෞඛ්‍ය ක්‍රමවේද ඉදිරියටත් අනුගමනය කළහොත් දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බව විශ්ලේෂකයෝ සදහන් කරනවා. මේ වන විට ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 40,000 ක වන අතර වාර්තා වන මරණ ගණන 130,123ක් වන […]


Jul
1

සංගක්කාරත් හෙට පොලිස් විමර්ශන ඒකකයට

Generic placeholder image

2011 ලෝක කුසලාන ශූරතාව මුදලට පාවාදුන් බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කල ප්‍රකාශය පිලිබදව ප්‍රකාශ ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර හෙට පොලිස් විමර්ශන ඒකකයට කැදවීමට නියමත බව සදහන්.


Jul
1

රෝමයේ සිට නාවිකයන් 155ක් මත්තලට

Generic placeholder image

කොළඹ වරායේ නැංගුරම් දමා තිබෙන විදේශ රටකට අයත් නැවකට සේවය සැපයීම සඳහා රෝමයේ සිට විදේශ නාවිකයන් 155 දෙනෙක් අද මත්තල ගුවන් තොටුපලින් ලංකාවට පැමිණ තිබෙනවා. මත්තල ගුවන් තොටුපලේදී මොවුන්ව පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙනතුරු මොවුන්ව ගුවන් තොටුපල අවට හෝටල් කිහිපයක නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ.


Jul
1

රජයේ හා පෞද්ගලික අංශ කාර්යාල විවෘතකිරීමට අදාල කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේ

Generic placeholder image

රාජ්‍ය හා පුද්ගලික සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුනෙන් හා කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් තව දුරටත් රජයේ හා පෞද්ගලික අංශ කාර්යාල විවෘතකිරීමට අදාල කමිටු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කල කමිටුව ක් හරහා මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව […]


Jul
1

විදුලිය හොරාට ගත් 1937කට වැඩ වරදී

Generic placeholder image

ඉකුත් වසරේ ( 2019 ) මැයි මාසය සිට මේ වසරේ මැයි මාසය දක්වා නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් 1937 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා. අධිකරණ තීන්දු මත එම පුද්ගලයින්ගෙන් දඩ මුදල් ලෙස මිලියන 59 ක් අය කරගත් බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ අනුව විදුලිය අනවසරෙන් ගන්නා පුද්ගලයින් සොයා තව […]


Jul
1

කොරෝනාවෙන් පිඩිත ඉන්දියාව

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ඉන්දියාව දරුණු ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ එරට 566,840 ක් ආසාදිතයින් හා16, 000 ක මරණ ගණනක් වාර්තා කරමින්. ලෝකයේ කොරෝනා බලපෑමෙන් පිඩාවට පත් රටවල් අතර 04 වන තැන ඉන්දියාව පත්ව තිබෙන අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදී ප්‍රකාශ කරන්නේ සිය ජනතාව මෙම වෛරසය පිලිබදව ඉතා නොසැලකිල්ලෙන් කටයුතු කිරීම […]


Jul
1

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව ගැන පිළිතුරු දෙන්න උපුල් තරංගත් විමර්ශන ඒකකයට

Generic placeholder image

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කරන ලද චෝදනාවට අදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංග ද කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.


Jul
1

ඉරානයේ ටෙහෙරාන් නුවර පිපිරීමක්

Generic placeholder image

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් තිබෙන බව වාර්තා. මෙම පිපිරිම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. මේ වන විට මෙම ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමීමට කටයුතු කළ බවත් එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.


Jul
1

වසා දැමුණු පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා කෞතුගාර අද සිට යළි විවෘත වේ

Generic placeholder image

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා ස්මාකර මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාර අද යළි විවෘත කෙරේ. කොරෝනා ව්‍යාප්තියත් සමග මාස තුනකට අධික කාලයක් පුරා විද්‍යා නැරඹුම් ස්ථාන වසා දමා තිබිණ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේ, මේ යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර 11 ක් යළි විවෘත කෙරෙන බවයි. සීගිරිය, දඹුල්ල,යාපහුව ඇතුළු […]


Jul
1

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනය සඳහන් වන අතරඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම […]


News Articles
Latest Videos
Most Popular Post