අද(01) දිනය තුළ දිවයිනේ පළාත් 7 ක් සඳහා වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් […]
ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර මේ වන විට සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි විද්‍යාඥයන් අනාවරණ කරයි. කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනයට රටවල් ගත් ආරක්ෂිත පියවර සමඟ ඇති වූ පාරිසරික තත්ත්වය මීට හේතු වූ බවට ප්‍රචාර පැතිරගියත් එය තවමත් සනාථ කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඕසෝන් ස්ථරය යනු සමස්ත පෘථිවියම සූර්යාගේ පාරජම්බුල කිරණින් ආරක්ෂා […]
අද(01) උදෑසන 6 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 665 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ(30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15 ක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 17ක්. මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි. තවත් පුද්ගලයින් 502 […]
ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ලබන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ය. එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය. වෙසක් පොහොය යෙදන ලබන 07 වැනිදා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට සැළසුම් කර තිබේ. බෞද්ධ ජනතාවට ඒ සඳහා නිවසේ සිට සම්බන්ධ විය […]
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබේ. වසර 134 කට පෙර අද වැනි දිනක එනම්, 1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 08 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය. වැඩ වරා සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි […]
අද (30) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 04 වනදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා. ඒ අනුව එළැඹෙන සති අන්තයේ ඇඳිරි නීති උල්ලංගණය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් පැවසුවා. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 660 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී. එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බවද […]
ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් හදුනාගත් ආසාධිතයින්ගෙන් 14 දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලිසිය පැවසුවා. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් හරහා මෙම වෛරසව නාගලන්වීදිය මෙන්ම ගුණසිංහපුර යන ප්‍රදේශ වලට ව්‍යාප්ත වී ඇති බවයි. කොළඹ අවට මහල් නිවාස සහ වතු ආශි‍්‍රත […]
අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇති […]
යේමනයේ පළමු කොවිඩ් ආසාදිත මරණ දෙක වාර්තා වී තිබෙනවා. ඊයේ (29) දිනයේ දී ඒඩ්න් නගරයෙන් එම මරණ වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළා. මේ හේතුවෙන් ඒඩ්න් නගරයට දින තුනක ඇදිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යේමනයෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හයක්.
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු […]