News Line| Off Air
Generic placeholder image

Apr
19

නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදෙයි

Generic placeholder image

නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජංගම දුරකතන යෙදවුම මගින් හෝ www.waterboard.lk වෙබ් අඩවිය හරහා කිසිදු අමතර ගෙවීමකින් තොරව ජල බිල්පත් ගෙවිය හැකියි. වෙනත් මූල්‍ය ආයතන මගින් හදුන්වා දී ඇති ජංගම දුරකතන යෙදවුම්, වෙබ් අඩවි, අන්තර් ජාල බැංකු සේවා හරහා බිල්පත් පියවිය හැකි බව […]


Apr
19

ඊශ්‍රායලයත් කොරෝනා හේතුවෙන් පැන වූ සිමා ලිහිල් කිරීමට සැරසේ

Generic placeholder image

කොරෝනා මර්ධනයට ඊශ්‍රායලය එරට පනවා තිබු සිමා ලිහිල් කිරීමට සුදානම් වන බව වෙනවා. ඒ අනුව එරට අගමැතිවරයා සදහන් කලේ මේ යටතේ ඇතැම් ව්‍යාපාර කටයුතු ඇරඹීම සහ පැන වූ සංචාරක තහනම් ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි. ඒ කොරෝනා මර්දනය සඳහා ඊශ්‍රායලය ගත් දැඩි පියවර එරට ආර්ථිකයට ප්‍රබල කඩා වැටීමකට ලක්ව තිබෙනවා.


Apr
19

සමාජ දුරස්ථකරණයට එරෙහිව ඇමෙරිකානුවන් පාරට බහි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ පියවරක් ලෙස සමාජ දුරස්ථ කරණය කිරීමට ලෝකයේ බොහෝ රටවල් ක්‍රියා කරනු ලබනවා. කෙසේ සේ වෙතත් ඇමෙරිකානුවන් එම නියෝග වලට විරෝධය පල කරමින් විරෝධතා එල්ල කර තිබෙනවා. ඔවුන් මහ මගට බසිමින් සිය විරෝධය පල කරනු අවස්ථා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ඇමෙරිකාවේ ප්‍රාන්ත ඇනපොලිස්, මේරිලන්ඩ් , ඉන්දියානා යන ප්‍රාන්ත ගණනාවක විරෝධතා […]


Apr
19

ජපානයේ සෞඛ්‍ය පද්ධතිය ගැන එරට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීම්

Generic placeholder image

කොරෝනා රෝගීන් වැඩි වුවහොත් ජපාන සෞඛ්‍ය පද්ධතිය බිදවැටෙනු ඇතැයි එරට වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා. අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය දැඩිසත්කාර සේවා ප‍්‍රමාණවත් නොවීමේ අවධානමක් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ. එබැවින් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර අවශ්‍ය බව ජපාන වෛද්‍යවරුන් අවධාරණය කර තිබෙනවා. පසුගිය කාලසීමාවේ ජපානයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තරමක් පාලනය වී තිබුණද ක‍්‍රමයෙන් […]


Apr
19

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

Generic placeholder image

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුව දුම්රිය මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට අනුව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. මේ අතර එහි සමාන්‍යාධිකාරිවරයා වැඩිදුත් පවසා සිටියේ, දුම්රිය මගීන් සඳහා විශේෂ නිති රිති පද්ධතියක් ද හදුන්වා දී ඇති බවයි.


Apr
19

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]


Apr
19

ට්‍රම්ප්ගෙන් චීනයට නැවතත් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තියට වගකිව යුතු නම් චීනයට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, වෛරස් ව්‍යාප්තිය අත්වැරදීමකින් සිදු වූයේ නම් පමණක් චීනයට එයට එහි ප්‍රතිවිපාක විඳීමට සිදු නොවනු ඇති බවය. කෙසේ වෙතත් චීනයට එරෙහිව ගනු ලබන පියවර මොනවාදැයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර නැත. චීනයේ, වූහාන් නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්තිය ඇරඹූ […]


Apr
19

ලොව පුරා කොරෝනා බිලිගත් ජිවිත ගණන එක්ලක්ෂ හැට දහස දක්වා ඉහළ යයි

Generic placeholder image

මේ වන විට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 60,579ක් වන අතර ආසාධිතයන් සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. වසංගත තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපයේ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. අමෙරිකාවෙන් ඊයේ(18) දිනයේ ද පුද්ගලයින් 1820 දෙනෙකු මියයාමත් සමග එරට සමස්ථ මරණ සංඛයාව 39,014ක් දක්වා […]


Apr
19

පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ට විශේෂ උපදෙස් මාලාවක්

Generic placeholder image

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස් හා දුම්රිය සේවා යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසති. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුල මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස් රථ ධාවනය කරන ලෙස සේවකයින්ට උපදෙස් ලබාදී ඇති බවය. ඒ අනුව මුඛ ආවරණ සහ අත්වැසුම් සෑම සේවකයෙකුටම නිකුත් […]


Apr
19

අලුත් අවුරුද්දේ පැළ සිටුවිමේ චාරිත්‍රය අද පෙරවරු 11.38ට

Generic placeholder image

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදි තිබේ. පුර්වභාග 11.38ට යෙදෙන සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්ය. මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමඟ ආරම්භ කිරිමට නියමිතව තිබේ. […]


Apr
19

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව ආසාධිතයින් 06 දෙනෙකු සොයා ගැනීමත් සමග මෙලෙස අසාධිතයින් සංඛ්‍යාව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


Apr
18

එළිසබත් රැජිණ ආචාර වෙඩි මුර නොමැතිව උපන්දිනය සැමරීමට තීරණය කරයි

Generic placeholder image

දෙවන එළිසබත් රැජිනගේ මෙවර උපන්දින සැමරුමේදී සාම්ප‍්‍රදායික රාජකීය ආචාර වෙඩි මුර නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පවතින තත්ත්වය සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව සදහන්. රැජිනගේ 94 වන උපන්දිනය අපේ‍්‍රල් 21 වනදාට යෙදී තිබෙනවා. මෙම අවස්ථාව මාළිගාව විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට නියමිත […]


News Articles
Latest Videos
Most Popular Post