කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් හා අවවාද ලබා ගැනීමට දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. 0710 – 107 107, 011 – 307 1073 යන දුරකථන අංක දෙක ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වැළදී ඇතැයි සැකයක් ඇත්නම් ඒ පිලිබදවද අවශ්‍ය උපදෙස් ලබාගැනීමට […]
දිවයිනේ සියලුම දහම් පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවැතෙඋනු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පුද්ගලික පංති පවත්වන ආයතන සහ පුද්ගලික පාසල්වලින් මේ පිළිබඳ සංවේදී ලෙස සිතන ලෙස ඉල්ලීමක් කරන බවයි. අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, […]
කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා. 44 හැවිරිදි ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබෙනවා. ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රෝනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්වයං හුදෙකලාවකට ලක්ව නිරෝධායනය වීමට තීරණය කර ඇති බව සදහන්. ජුවෙන්ටස් කණ්ඩායම […]
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද චීන තානාපති කාර්යාලයේ දී පැවැත්වුන අතර වැඩබලන චීන තානාපතිවරයා සදහන් කරන්නේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දුන් බවත් එහිදී ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාව ඉතාමත් අගය කරන බවයි. එමෙන්ම […]
එළඹෙන මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඉන් වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය වන 14 ක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහායි. වන්නි දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන් වන්නේ ලබන 18 […]
කොරෝනා වෛරසය පිලිබදව ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ පිලිබදව වන අවසන් තීරණය මේ වන විට රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව පළමු පාසල් වාරය හෙටින් අවසන් වන අතර අප්‍රේල් පාසල් නිවාඩුව මෙලෙස හෙට සිට ආරම්භ වන බව […]
මඩකලපුව විශ්වවිද්‍යාලය, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පිලිබදව විරෝධය පළ කරමින් අද උදෑසන මඩකපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ජනතාව මෙලෙස විරෝධය පළ කර ඇති බව සදහන්.
ඉන්දියාව සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන, සේවකයින්, ව්‍යාපෘති නිලධාරීන් හැර අන් සියලුමදෙනා වෙත වීසා නිකුත් නොකෙරෙනු ඇති බව සඳහන්.
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද උදැසන මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා තිබෙනවා. ඒ අද පෙරවරු 11.47 සිට දහවල් 12.17 දක්වා මිනිත්තු 30ක කාලයක්. කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීම හේතුවයි.
දිවයිනේ සියලු පාසල් වසා දැමීම පිළිබද අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. බොහෝ විට ලබන 26 දක්වා පාසල් වසා දැමීම පිලිබදව වාර්තා වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරනවා.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පිලිබදව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා […]