ප්‍රංශයේ සුප්‍රකට ඇදුම් විලාසිතා ආයතනයක් වන Louis Vuitton ආයතනය විසින් පවත්වනු ලබන ඉහළම පෙලේ ඇදුම් විලාසිතා ප්‍රදර්ශනයට සහභාගි වීමට සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට ඇරයුම් කර තිබෙනවා. ඒ ඔවුන්ගේ අලුත්ම ඇදුම් ඉදිරිපත් කරන නිරූපණ ශිල්පිනියක් ලෙස පෙනී සිටින ලෙසයි. මෙම ප්‍රදර්ශනය මාර්තු 03 වනදා සිට සතියක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් මේ දින […]
මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. ඒ අනුව උදයංග වීරතුංග මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
එළඹෙන මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වී මහ මැතිවරණය සදහා තරග කිරිමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය අත්සන් කල අතර, එම නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් […]
කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ දේහයත් සමග ජිවත්වන කාන්තාවක් ගැන පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා. නිරෝධාන ක්‍රියාවලිය හේතුවෙන් එම දේහය මේ දක්වා ඉවත් කිරිමට හැකියාවක් නොමැති වී ඇති බව මෙම සිදුවීම වාර්තා වන ඉතාලියේ, Borghetto Santo Spirito ප්‍රදේශයේ නගරාධිපතිවරයා කියා සිටියා. කොරෝනා වෛරසය ආසාධනය වූ මෙම පුද්ගලයා රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් […]
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ. වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී තිබෙනවා. නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආධිත්‍යය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට […]
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකා සභාව හෙට (12) පස්වරුවේ රැස්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. වත්මන් දේශපාලන තත්ත්වය, රට හමුවේ ඇති අභියෝග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහිදී වැඩිදුරටත් […]
කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරස අවධානම හමුවේ ඔලිම්පික් තරගාවලිය වසරකින් හෝ දෙකකින් කල්දැමීමට සිදුවනු ඇති බවට අනාවැකි පළව තිබෙනවා. දැනට ඇති සාර්ථකම විකල්පය එය බව සංවිධාන කමිටු සාමාජිකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළා. පවතින තත්ත්වය හමුවේ කිසියම් අයුරකින් ඔලිම්පික් උළෙල නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකිවුවහොත් එය වසරකින් හෝ දෙකකින් කල්දැමීම උචිත බව යෝජනා වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) අත්සන් තැබුවා. එම පක්ෂයේ සෙසු දිස්ත්‍රික් නියෝජිතයින් ද සිය දිස්ත්‍රික් නාමයෝජනා පත් සඳහා මෙහිදී අත්සන් තැබීම සිදුකළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරඟ වඳින දිස්ත්‍රික් නියොජිතයින් අද පෙරුවරුවේ සිය නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම විජේරාම පිහිටි අගමැති නිවසේදී සිදු කෙරුණා. මෙම […]
මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ අයෙකු බව හෙළිව තිබෙනවා.
පිටකොටුව පළමු හරස් වීථියේ විදුලි උපකරණ අලෙවි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. සිව්මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පළමු මහලේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, ඒ සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ හයක් යොදවා තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විජේරාම පිහිටි නිල නිවසේදී නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙරටින් හමුවූ පලමු කොවිඩ් 19 වෛරස් ආසාදිත රෝගියා වාර්තාවීමත් සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් සමස්ත ශ්‍රී ලංකා වාසින් වෙනුවෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ පහත ආකාරයටයි. කොරෝනා රෝගියකු වාර්තා වූ පමණින් කලබල වීම මගින් රෝග නිවාරණය තවදුරටත් අපහසු වනු ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මේ අවස්ථාවෙහි යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධව සිටීම රෝග පාලනයට අතිශයින් […]