News Line| Off Air
Generic placeholder image

Feb
13

නියගය නිසා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල ඇමති කියයි

Generic placeholder image

රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන තිබූ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පවසා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත වැටී ඇති බවයි. එම තත්ත්වය තුළ ඩීසල් හා ගල් අගුරු තාප […]


Feb
13

කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා. ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන්ව ඇති බව සදහන්. වූහාන් නගරයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු ද […]


Feb
13

රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කෙරේ

Generic placeholder image

පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම නිදහස් වීසා පහසුකම පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බව සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයින්ගේ […]


Feb
13

දකුණු රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Generic placeholder image

දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා. මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143 ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කළේ.


Feb
13

ජනපති ගෝඨාභයගේ යුඟයේදී බලය අනිසි ලෙස භාවිතා කිරීම සිදුනොවන බව බන්දුල කියයි

Generic placeholder image

රජයේ සේවකයින්ගේ රාජකාරී සඳහා කිසිවෙකුටත් බලය වැරදි ලෙස භාවිත කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද(13)පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ජාතික ආර්ථිකයේ සහ රටේ පොදු යහපතට අදාළව කටයුතු කරන සෑම නිලධාරියෙකුටම නිතීය ක්‍රියාත්මක කිරීමේදී තමා ආරක්ෂා කරනු ලබන්නේ රජයේ නිලධාරීන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. එමෙන්ම බලය […]


Feb
13

කොරෝනා වලට බියෙන් වරාය 5කින් ප්‍රතික්ෂේප වූ මගී නෞකාව කාම්බෝජයට ඇතුළු වෙයි

Generic placeholder image

වරාය 5කින් ප්‍රතික්ෂේප වූ එම්.එස්.වෙස්ටර්ඩෑම් මගී නෞකාවට කාම්බෝජයේ – සිහනොක්විල් වරායට ඇතුළු වීමට අවසර ලබාදී තිබෙනවා. අදාළ නෞකාවේ මගීන් හරහා කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී යැයි බියෙන් තායිලන්තය, තායිවානය, ගුවාම්, පිලිපීනය සහ ජපානය යන රටවල් විසින් එම නෞකාව ආපසු හරවා යවා තිබුණා. කාම්බෝජය මෙම නෞකාවට ඇතුලුවීමට අවසර ලබා දී ඇත්තේ මෙවන් පසුබිමක් තුළ වීම විශේෂත්වයක්. […]


Feb
13

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Dream clouds 2020

Generic placeholder image

එළඹෙන පෙබරවාරි 14 වනදා සවස 07 ට මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් හි ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Dream clouds 2020 සජීවි ප‍්‍රසංගය සංවිධානය කර තිබෙනවා. ටෙහාන් පෙරේරා ප‍්‍රමුඛ Hot Chocolate කණ්ඩායම සංගීතය සපයන අතර වස්ති, යොහානි, ලහිරු පෙරේරා සමග එදිනට විනෝද වන්න ඔබටත් පුළුවන්. මේ සදහා මාධ්‍ය අනුග‍්‍රහය සියත TV සහ සියත FM තුළින්.


Feb
13

රටවල් 48කට ලබා දුන් නිදහස් වීසා කාලය තවදුරටත් දිගු කෙරේ

Generic placeholder image

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ […]


Feb
13

කුරුණෑගල – මහව දුම්රිය මාර්ගය ද්විත්ව වෙයි

Generic placeholder image

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වීම ඉතා සුලභ තත්ත්වයක් වන අතර එබැවින්, උතුර බලා ධාවනය […]


Feb
13

එංගලන්තයේ මිතුරන්ට සංගාගෙන් පොල්සම්බෝලයක්

Generic placeholder image

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් සිදු කරන ලද ක්‍රියාවක් ඔහු සිය නිල ට්විටර් ගිණුමට එක් කර තිබෙනවා. ඒ අනුව ලන්ඩනයේ වෙසෙන තම ම්තුරන් කිහිපදෙනෙකුට සංග්‍රහ කිරිම වෙනුවෙන් සංගක්කාර පොල් සම්බෝල හදන ආකාරය සටහන් වන ඡායාරූප කිපයක් තම ගිණුමට එක් කර තිබිණි. එහිදි ම්රිස් […]


Feb
13

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Generic placeholder image

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජගත් පී. විජේවීර මහතා පත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මතයි. මිට පෙර ඒ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.


Feb
13

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ තැන් මාරු වෙයි

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. සේවයේ අවශ්‍යතාවය අනුව මෙම ස්ථාන මාරු වීම් සිදු කල බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ සේවා ස්ථානය මාරු කර තිබෙනවා. එලෙස ස්ථාන මාරු වීම් ලද නිලධාරීන් පහතින් දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post