ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි විමර්ශන චාරිකාවක් සඳහා මේ වනවිට වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වුණා. පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුජීව සේමසිංහ මහතා කියා සිටියේ සන්ධානයේ මහලේඛම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාව ඒකමතිකව පත්කරගත් බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද […]
පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.
2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය ජෝකර් චිත‍්‍රපටයේ නළුවා ලෙස කවුරුත් දන්නා ඔකීන් ෆීනික්ස්ට හිමිවුණා. ඔකීන් ෆීනික්ස් හොදම නළුවාට හිමි සම්මානය ලබාගත් අවස්ථාවේදී ඉතාම සංවේදී මෙන්ම හරවත් කතාවක් ඉදිරිපත් කළා. එහිදී ඔහු මෙලෙස පැවසුවා. මම හිතනවා අපි මිනිස්සු විදියට සොබාවික පරිසරයෙන් වෙන් වෙලා කියලා. විශ්වයේ හරි මැද අපි කියලා හිතාගෙනයි අපි වැඩ කරන්නේ. […]
සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10) සිදු කෙරුණා. මෙම යාත්‍රාවේ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාද සහභාගි වී තිබෙනවා. දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිශ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි […]
කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා චීන මහ බැංකුව ඩොලර් බිලියන 43ක මුදලක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු කොටස අද නිදහස් කිරීමට පියවර ගත් බව එරට වාර්තා සඳහන් කළා. කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 909 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 40,171 ක් වනවා. ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි […]
ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12) සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ විමසීම් කළ හැකියි. ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි. තරුණ […]
කියාරා සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. කුණාටුවත් සමඟ එරටට තද වැසි ඇදහැලෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන්. කියාරා සුළි කුණාටුව මේ වන විට එක්සත් රාජධානිය හරහා පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් හමා යයි. එහි බලපෑමෙන් එංගලන්තයේ ප්‍රදේශ රැසකට සහ වේල්සයට තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. මේ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව […]
නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන රෝගීන්ගේ විශාල අඩුවක් හුබෙයි පළාතෙන් හැරෙන්නට චීනයේ අනෙකුත් පළාත්වලින් වාර්තා වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිජියෑන් ශාඕ සඳහන් කරනවා. හුබෙයි පළාතෙන් පිටතදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 444 ක් පෙබරවාරි 9 දා වාර්තා වූ බව සිය ට්විටර් […]
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් ජනපති කොමිසම හමුවේ අද පස්වරුවේ පෙනීසිටින බව වාර්තා වෙනවා. එම නිලධාරීන් විසින් දේශපාලන […]
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් සංචාරය සඳහා සහභාගී වන බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අද පස්වරුවේ හා හෙට පැමිණීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරගාවලියට එක්දින තරග 3 ක් හා විස්සයි විස්ස තරග දෙකක් ඇතුලත් වනවා. එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වනදා […]
දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආසන්නයේ විරෝධතාවක නිරතවෙමින් සිටින බව අප වාර්තා කරුවන් සදහන් කළා. මේ හේතුවෙන් විශාල රථවාහන තදබදයක් ද ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.