News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
4

මුන්දලම පෙරියපාඩු වෙරළට අද ගසා ගෙන ආ දේ

Generic placeholder image

මුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද (4) ගොඩගසා ඇති බව ධිවරයෝ ප්‍රකාශ කළා. පෙරියපාඩු වෙරළට ගොඩ ගසා ඇති මෙම උපකරණය අඩි දහයකට ආසන්න උසකින් යුතු අතර එහි පහළ කොටස පයිබර් හෝ වෙනත් දෙයකින් සකසා ඇති අතර ඉහළ කොටස යකඩ වලින් සකසා ඇති බවත් මෙය කිලෝ 5000 කටත් වඩා (ටොන් […]


Sep
4

ගෝඨාභයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව මහින්ද කියයි

Generic placeholder image

අමාත්‍ය ධුරයක් නොමැතිව ලේකම්වරයෙකු ලෙස විශාල වැඩ කොටසක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයෙකු ලෙස වැඩ කිරීමේදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(04) කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මේලනය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ […]


Sep
4

සයින්දමරුදු ප්‍රදේශයෙන් විදේශීය දුම්වැටි තොගයක්

Generic placeholder image

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි තොගයක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලීසිය ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 30 සහ 31 යන වයස්වල පසුවන කල්මුණේ සහ මයිලෙකාඩු ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර වැටලීමේදී අලෙවියට සූදානම් කර තිබූ නීතිවිරෝධී දුම්වැටි 200 ක් පමණ සොයාගැනුනා.


Sep
4

බාහිර උපාධිධාරීන් විරෝධතා ව්‍යාපාරයක

Generic placeholder image

බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා. 2012 වසරේ සිට බාහිර උපාධිය ලබාගත් පිරිසට රැකියා ලබාදීමට රජය කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් කියා කොටස් දෙකකට වෙන් නොකර කඩිනමින් රැකියා ලබාදිය යුතු බවත් බාහිර උපාධි සුරකීමේ […]


Sep
4

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

Generic placeholder image

යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා විසින් භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනාගෙන ඒවා නිසි අයිතිකරුවන්ට භාරදීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩිනම් වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට අත්පත් […]


Sep
4

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරය මිස්බා උල් හක්ට

Generic placeholder image

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස පාකිස්තාන හිටපු ක්‍රීඩක මිස්බා උල් හක් පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළා. 45 හැවිරිදි මිස්බා උල් හක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා. අනතුරුව ඔහු එම ධූරය […]


Sep
4

හෙරොයින් කිලෝ 1300ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Generic placeholder image

කන්ටේනරයක් තුල අසුරා තිබූ හෙරොයින් කිලෝ 1300ක් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යය පොලිසිය සමත්වී තිඛෙනවා. එම හොරායින් තොගයේ වටිනාකම ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වන අතර බ්‍රිතාන්‍යයේදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව සදහන්. සෆර්ක් වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක් තුල තිබී මෙම හොරොයින් තොගය අඩංගු කන්ටේනරය සොයාගෙන තිඛෙනවා. මීට අදාලව සිදුකළ විමර්ශණවදිී අනාවරණ වූ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය […]


Sep
4

කංජිපානි ඉම්රාන්ගෙන් කොළඹ මහාධිකරණය වෙත අභියාචනයක්

Generic placeholder image

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මාර්ගෙන් එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන්නැයි ඉල්ලමින් එය කොළඹ මහාධිකරණය වෙත අද (04) භාරදී ඇති බව සදහන්. කංජිපානි ඉම්රාන් […]


Sep
4

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනපතිගේ සුභාශිංසන

Generic placeholder image

දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ සදහා ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බවද ජනාධිපතිතුමා සදහන් කළා. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමින් උතුම් මහමත්තුමාගේ ඉගැන්වීමද එය බව ජනාධිපතිතුමා සිහිපත් කළා. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, […]


Sep
4

අගමැති සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්

Generic placeholder image

හෙට දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව පෙරමුණ පිළිබද ගැටළු නිරාකරණය කරගැනිමට නියමිත බව පැවසෙනවා. එමෙන්ම මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පිරිස විසින් සංවිධාන කරනු ලබන තුන්වන ජන රැලිය හෙට දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතව තිබෙනවා. […]


Sep
4

ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පතක් නෑ

Generic placeholder image

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ (3) කොළඹ පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවකදී මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මෙය හෙළි වී ඇති අතර මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් […]


Sep
4

බහමාස් කළඹා ” ඩෝරියන් ” ෆ්ලොරිඩාවට ඇතුළු වෙයි

Generic placeholder image

” ඩෝරියන් ” සුළු කුණාටුව බහමාස් දුපත් වලට දැඩි බලපෑම් එල්ල කල අතර එමගින් පුද්ගලයින් 07 දෙනකු මියගොස් 10,000 කට වැඩි නිවාස සම්පුර්ණයෙන් විනාශ වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. මෙම සුළු කුණාටුව පැයට කිලෝමීටර් 177 වේගයෙන් ගමන් කරන අතර මේ වන විට මෙම කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගමන් කරමින් පවතින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post