News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

පසුගිය වසරේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට

Generic placeholder image

පසුගිය වසර සඳහා වූ වාර්ෂික විගණකාධිපති වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා විසින් ගරු කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ 31 බාරදෙනු ලැබුවා. මෙම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සභාගත කෙරෙන බව සදහන්.


Nov
1

අද රාත්‍රීයේත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම, ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර කෙටි කාලීන සුළං ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. […]


Nov
1

රගර් ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය නවසීලන්තයට

Generic placeholder image

රගර් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා වෙල්සය සමග පැවති තරගයෙන් තුන්වන ස්ථානය නවසීලන්තය ලබාගත්තා. ඒ ලකුණු 40 ට 17 ක් ලෙස ලබාගනිමින්. හෙට දිනයේ රගර් අවසන් ලෝක කුසලාන තරගය පැවැත්වෙන අතර එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව හෙට දින තරගවැදීමට නියමිතයි.


Nov
1

විදේශීය විශ්වවිද්‍යාල වල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර

Generic placeholder image

විදේශීය විශ්වවිද්‍යාල වල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර ලබාදීම සඳහා නව තීති හඳුන්වාදීමට සෞදි රජය කටයුතු කර තිබෙනවා. මේ සඳහා සෞදි රජු, සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා. සෞදි අධ්‍යාපන ඇමති, ආචාර්ය හමාඩ් බින් මොහොමඩ් අල්-ෂීක් ප්‍රකාශ කළේ මෙම නීතියට අවසර […]


Nov
1

කසල තේ කිලෝ 25,000 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

කසල තේ කිලෝ 25,000 සමග සැකකරුවන් දෙදෙනෙකු උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කසල තේ තොගය අපනයනය සඳහා සූදානම් කර තිබූ බව පොලිසිය සඳහන් කළා. අත්අංගුවට ගෙන ඇති සැකකරුවන් අතර අදාල කර්මාන්තශාලවේ කළමණාකරුද වන අතර කසල තේ තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා වත්තල පොලිසිය වෙත […]


Nov
1

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 142 කට සිමා වෙයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් 20 යි 20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 142 ක් ලබා ගත්තා.


Nov
1

ශ්‍රී රංගා ඇතුළු පිරිස පිලිබදව වාර්තාවක් ඉල්ලා වැඩබලන පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

හිටපු නි.පොලිස්පතිවරයෙක් වන ඒ.සේනාරත්න සහ ශ්‍රී රංගා පිලිබදව පොලිසිය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගෙන් නැවතත් ප්‍රකාශ සටහන් කර වාර්තාවක් දෙන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.


Nov
1

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි එරට ඩිමොක්‍රටික් පාක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙයට හේතු වි තිබෙන්නේ උප ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණ ඇරඹීම සිදු කිරීම සදහා , යුක්‍රේනය වෙත නොමනා බලපෑම් සිදු කිරීමයි. කෙසේ වෙතත් මෙම දෝෂාභියෝගය සම්මත වීමටනම් ඇමෙරිකානු පාර්ලිමේන්තුව තුල දිර්ඝ ක්‍රියාවලියක් සිදු […]


Nov
1

ජනපති අපේක්ෂකයන් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කෝටි 1000 ඉක්මවිය හැකියි

Generic placeholder image

සමස්ථ මැතිවරණ ව්‍යාපාරය අවසන්වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා එක්ව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000 ත් 1500 ත් අතර මුදලක් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් 35 දෙනා ගතවු සති තුන තුල දී ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 77 […]


Nov
1

අද තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රලියාව දිනා ගනී

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියාව අතර පැවැත්වෙන අවසන් 20 20 යි තරගාවලිය මේ වන විට මේල්බන් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රලියාව පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළා.


Nov
1

පාසල් 665 කට ලැප්ටොප් පරිගණක

Generic placeholder image

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා. ඒ අනුව, දිවයිනේ […]


Nov
1

robot inspection dog නමින් නව රොබෝ යන්ත්‍ර 02 ක් ගුවන් තොටට

Generic placeholder image

චීන මහජන සමුහාණ්ඩුවෙන් විසින් කෝටි 15 කට අධික වටිනාකමින් යුක්ත නව “robot inspection dog” ලෙසින් හඳුන්වන මෙම රොබෝ යන්ත්‍ර දෙකක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ මගින් පැමිණෙන පිටවන පර්යන්තයේ සෝදිසි කිරීම් සදහා මෙම උපකරණ දෙක යොදා ගැනෙන බව ගුවන් තොටුපොල බලධාරීන් පවසනවා. විශේෂයෙන්ම මෙම උපකරණ මගින් පුපුරණ ද්‍රව්‍ය පිලිබදවත් මත්ද්‍රව්‍ය වර්ග […]


News Articles
Latest Videos
Most Popular Post