News Line| Off Air
Generic placeholder image

Oct
22

කැනඩාවේ මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරයි

Generic placeholder image

කැනඩාවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නායකත්වය දරණ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ වෙතත් ආසන 338 කින් සමන්විත කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 170 ක් අවශ්‍ය වූවත් ලිබරල් පක්ෂයට මැතිවරණයෙන් හිමිව ඇත්තේ ආසන 157 ක් පමණයි. කොන්සර්වේටිව් පක්ෂය ආසන 121 ක් ලබාගෙන ඇති අතර, සුළු පක්ෂ අතර ආසන 59 […]


Oct
22

හකීම් අද මල්වතු පාර්ශව මහනායක හමුවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් අද මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. එහිදී ඔහු තමන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වූ බව සදහන්. හෙට තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.


Oct
22

රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට අත්‍යාවශ්‍ය වූ මී පැණි ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න

Generic placeholder image

ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. අපි මේ කියන්න යන්නේ ලස්සන වෙන්න උපකාර වන ඉතාම වැදගත් දෙයක් වන අපි කවුරුත් දන්න මී පැණි යොදාගන්නේ කොහොමද කියලයි. කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස […]


Oct
22

මැතිව්ස්ට මාස 14ට ලක්ෂ 236ක්

Generic placeholder image

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 130, 000ක්. එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් ලක්ෂ 236 ක්. නවතම කොන්ත්‍රාත්තුවට අනුව දෙවැනි තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ […]


Oct
22

සජිත් ජනපති වූ විගස තනි සිගරුට්ටුව තහනම් කරන බව රාජිත කියයි

Generic placeholder image

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් […]


Oct
22

ජනපති සහ ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා අතර හමුවක්

Generic placeholder image

ජපානයේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා අතර හමුවක් අද ටෝකියෝ නුවරදී පැවැත්වුණා. ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස දෙරට අතර මිතුදම ශක්තිමත් කරගැනීමට සහ සබඳතා ඉහළ නංවාගැනීමට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳ ප්‍රශංසා කර තිබෙනවා. ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි සාකච්ඡාවට […]


Oct
22

පපුව නතරවෙන කතාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Oct
22

ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ක්‍රීඩකයා පිටියට සමුදීමට තීරණය කරයි

Generic placeholder image

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ප්‍රංශ ක්‍රීඩක සෙබස්තියන් වහාමහිනා රග්බි පිටියට සමුදීමට තීරණය කොට තිබෙනවා. ඔහු මේ බව අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සමු ගැන්ම ලෝක කුසලානයේදී තමන්ට ලැබුනු කළුපැල්ලම හේතුවෙන් ලබා ගත්තක් නොවන බවත් එය තමා පෙර සිටම සැලසුම් කරන ලද්දක් බවත් කියා සිටියා. 28 හැවිරිදි […]


Oct
22

කෝටි 04ක රන් බිස්කට් තොගයක් රේගු අත්අඩංගුවට

Generic placeholder image

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි 04 කට අධික නීතිවිරෝධී රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත් අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 26 ක පමණ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මොහු සිරුරේ මෙම රන් බිස්කට් තොගය සගවා ගෙන පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් අත් […]


Oct
22

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනු කල නඩුව ඇමෙරිකානු අධිකරණයෙන් නිශ්ප්‍රභා කරයි

Generic placeholder image

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය විසින් ගොනු කරන ලද නඩුව නිශ්ප්‍රභ කර තිබෙනවා.


Oct
22

විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා. එමෙන්ම ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ නැවත වරක් මෙවෙනි සිදුවීමක් ඇති නොවීමට ගතයුතු පියවර සහ නිර්දේශ සහිතව එම වාර්තාවේ වැඩිදුරටත් ඇතුලත් බවයි.


Oct
22

මීනගයා පීලි පනී

Generic placeholder image

ඊයේ රාති‍්‍රයේ කොළඹ කොටුවේ සිට – මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ‍්‍රගාමී දුම්රිය අවුකන දුම්රිය ස්ථානය ආසන්යේදී පීළිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේ මේ හේතුවෙන් ති‍්‍රකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post