News Line| Off Air
Generic placeholder image

Oct
18

කොස්ගම පවුල් 23ක් ඉවත් කෙරේ

Generic placeholder image

නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මහකන්ද ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පුද්ගලයින් 108 දෙනෙකු ආරක්ෂිත මධයස්ථාන වල රදවා ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැමිණ අද සිදු කරන භූමි පරීක්ෂාවෙන් පසුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතී. කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු […]


Oct
18

යොවුන් පරපුරට ප්‍රතිලාභ හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ගෝඨාභය කියයි

Generic placeholder image

තරුණ තරුණියන් සදහා වැඩි අවස්ථාවක් හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කුලියාපිටියේ පැවති ජන රැුළියකට එක්වෙමින්.


Oct
18

සියලූ ගොවීන්ට පොහොර සහනාධාරය දෙන බව සජිත් කියයි

Generic placeholder image

මෙරටට සහ රණවිරුන්වන්ට එල්ල වන ඕනෑ අභියෝගයක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින්. මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වු තවත් ජන රැුළියක් ඊයේ පැවැත්වුණේ කැකිරාව නගරයේදීයි. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගොඩභෝග වගාකරන ගොවීන් […]


Oct
18

අගමැති අද ජනපති කොමිසම හමුවට

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. අමාත්‍ය දයා ගමගේ මහතාට ද අද කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. අග‍්‍රාමාත්‍යවරයා සහ දයා ගමගේ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවා ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ […]


Oct
17

නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් හෙට දිවයිනට

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු රජයේ ඉහළ බලධාරීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද එක්වීමට නියමිතයි. සිය දෙදින නිල සංචාරය නිම කිරීමෙන් අනතුරුව අනිද්දා දිනයේදී ඔහු දිවයිනෙන් පිටත්වීමට නියමිත බව සදහන්.


Oct
17

පාකිස්ථාන් ගිය 04 ක් නැතිව ඕස්ට්‍රේලියා යන විස්සයි විස්ස පිළ මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත. කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් වන්නේ ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන අයයි. ඉවත් වුණු ක්‍රීඩකයින් […]


Oct
17

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා ජල කප්පාදුවක්

Generic placeholder image

නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව, අනිද්දා පස්වරු 9 සිට පසුදා පස්වරු 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 9, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලටද […]


Oct
17

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යයි

Generic placeholder image

ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද දිනය වනවිට එම ජලාශයෙන් සියයට 42 කට ආසන්න ප‍්‍රතිශතයක් පිරී ඇති බව මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරු පී.එස් බණ්ඩාර ප්‍රකාශ කළා. මේ හේතුවෙන් ඉදිරි මහකන්නයේදී ගොවීන්ට බාධාවකින් තොරව ජලය ලබාදිය හැකි බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරුවරයා පැවසුවා. එම ජලාශයේ සමස්ථ ජල […]


Oct
17

හිරුණිකාගෙන් ගෝඨාභයට ඇරයුමක්

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග විවෘත සංවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.


Oct
17

එජාප මන්ත්‍රීවරයෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අද යලි දෙවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. ඇප කොන්දේසි අවස්ථා දෙකකදී කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරයා හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය අද නියෝග කර අතර 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගත් සිද්ධියකට […]


Oct
17

ලෝක නිරාහාර දර්ශකයේ ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානයට

Generic placeholder image

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම දර්ශකය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව සදහන්. 2018 වසරේදී ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයේ පසුවුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දර්ශකයේදී ඉදිරියට පැමිණ ඇති අතර 2000 […]


Oct
17

කෝටියකට අධික හෙරොයින් පානදුර – නල්ලූරුව මුහුදු වෙරළෙන්

Generic placeholder image

පානදුර – නල්ලූරුව මුහුදු වෙරළේ සගවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කළුතර දිසා අපරාධ ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා. එම ඒකකයට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මෙලෙස මත්කුඩු කිලෝග්‍රෑමයක් සොයා ගත් බව පොලීසිය සදහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් […]


News Articles
Latest Videos
Most Popular Post